"චරත භික්ඛවේ චාරිකන් 
බහු ජන හිතාය බහු ජන සුඛාය "


දළඹුවා බණ කියන්න යනෝ...... කියලා හිතන්න එපා.
අපේ හාමුදුරුවන් වහන්සේලා දළඹුවාට අනුකම්පාවෙන් වදාරණු මැනවි. දළඹුවා වදවීගෙන ගිය සතෙක්ගෙන් යාන්තමට ශේෂ වු එකෙක් ඌවත් රැක ගන්න එපැයි නේද? අහිංසක එකානේ.පව්....
දළඹුවා දෙසා බාන්න යන්නේ මොකද්ද කියලා තෙරෙනවානේ. මොකද පහු ගිය ටිකේම දළඹුවා වන්දනාවේ ගිහින් වගේ. ඉන්නෙම දඹුල්ලේ. ඇත්තටම තවත් දඹුල්ලේ. හාමුදුරුවොත් දළඹුවාව දඹුල්ලෙන් පිටත් කරන්නේ නෑ වගේ. මොකද බුදුන්ගේ වදන් උන්වහන්සේලාට නොතේරෙන නිසා. දළඹුවාට මේ වගේ වෙලාවට මතක් වෙන්නේ අනගාරික ධර්මපාලතුමාව. ධර්මපාල චරිතය පොඩ්ඩක් කියවන එක ස්වාමීන්වහන්සේලාටත් හිතෙනවා නම් හොදයි කියලා දළඹුවාට හිතෙනවා.

මේ කෝන්තර පහකරගත යුතු අවස්ථාවක් නෙවෙයි. මොකද මෙයින් සිදුවෙන්නේ අප හාමුදුරුවන් වහන්සේලා හා පන්සල් සම්බන්දව වැරදි ආකල්පයක් ඇතිවීමයි. ඒ වගේම මේ දඹුල්ල ප්‍රශ්ණය මත සිහින මාළිගා මවාගත්තු තෙවන, සිව්වන පාර්ස්ශවයන් ඉන්නවා. අපේ හාමුදුරුවන් පෙර එකට චීවරේ ඇදන්ඉදලා  අද වෙනකොට චීවරේ අතහැරලා කුටුම්භ රකින කිහිපදෙනෙක් හා ම.ස.අ. විසින් දුෂණ වංචා වලට හසුවී මාරු කරපු ,එමෙන්ම කූඩැල්ලව මෙට්ටේ තියන්න බෑ වගේ වගකීම් ඉටුකරගත නොහැකිව පහළ ගිය ඇතැම් නිළධාරීන් විසින්  තිරය පිටුපස චරිත රගපාන වෙස්මාරුකරන්නන්ගේ උගුලක වැටුණාදෝ දළඹුවාගේ ළපටි හිතට සිතුවිලි පහළ වේ. අනිච්චේ දුඛ්ඛේ……  ඕනවට වැඩිය තෘෂ්ණාව තවම සසරට ලැදි හිත පොලඹවනවා තමයි. නමුත් කාගෙවත් ඕනාඑපාකම් පිරිමහාගන්න අපේ ගෞරවණීය යතිවරයෙක් බිල්ලකට ගන්නවානම් දළඹුවාට එය රිදෙන කාරණයක්. සාසනේ..... අපේ හාමුදුරුවනේ, සාසනේ. ඒක හිතන්න.

දැන් මොකද්ද මේ ඇමතිවරයා කරන්න හදන්නේ. දඹුල්ලට පැමිණෙන සංචාරකයින්ට(විදේශ) පන්සල විසින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රය වෙනුවට මද්‍යම සංස්කෘතික අරමුදල විසින් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමයි. පන්සලේ පිං කැටේ අකිල ගිලින්නේ නෑ. ඒක තවමත් හාමුදුරුවන්ටම අයිතියි. ඒකේ එකතුවන ඩොලර් හා රුපියල් දහසේ කොළ වලින් තුසිත දිව්‍යලොකේ වටා යන්න ප්‍රමාණවත් කියලා ඉතින් ළපටියෙක් උනත් මේ දළඹුවා හොදාකාරවම දන්නවා. මොකද සංචාරකයින්ට පහත් සංවේගය ඉපදෙන අකාරයට තමයි යන්න තියෙන මාර්ග වෙනස්කරලා මේ පිං කැට ස්ථානගත කරලා තියෙන්නේ. කොහොමහරි පිංකැට සෙල්ලම තවදුරටත් කරන්න පුළුවන්. කමක් නෑ..... 
පිං කැටේනේ..
පන්සලනේ....
අපේ හාමුදුරුවෝනේ....! 

කොහොමහරි දළඹුවා පිංකැට අස්සේ ඔහොම ගාට ගාට ඉද්දී සුද්දෙක් දුවගෙන එනවා වැසිකිළිය පැත්තේ ඉදලා. කොහොමත් මෙහේට එන විදේශික සංචාරකයින් වැසිකිළියට යද්දී මුදල් ගෙවිය යුතුයි. ඒ රුපියල් 100ක්. සුද්දා එතනට ගිහින් තියෙන්නේ ලොකු කාරනේ කරන්න. ලොකු කාරණය කරන්න රුපියල් 200ක් පන්සලේ හාමුදුරුවන් විසින් පත්කර ඇති Toiletධාරීයා ඉල්ලලා. සුද්දා කියපිඇයි උඹට මම ගෙව්වේ ඒකට තමයි කියලා…..” සුද්දගෙන් ඉල්ලපු මුදල නොදුන් නිසා දැන් වැඩේ කොරන්න දෙන්නේ නෑ Toiletධාරීයා. සුද්දා උහුලාගත නොහැකි බරට වටේ දුවනවා. රටේ එකා සුද්දා පස්සේ දුවනවා සීන් එක අහල පහළ කොරයි කියලා. කොහොමහරි ටිකකින් දිවිල්ලයි, එළවිල්ලයි නැවතුනා. සුද්දා ඉතාම අප්‍රසාදයෙන් එළියට ආවා. දළඹුවත් කොහොමහරි සුද්දා ලගට කිට්ටුකරලා " සුද්දා මෑන්.... දළඹුවට සීන් එක කෝට්.... ලැජ්ජානොවී කියපන් සුද්දා මෑන් කොහොමද වැඩේ කලේ" කියලා ඇහැව්වා. සුද්දා අපේ local චරිතේ ඉල්ලපු ගාන දුන්නා කිව්වා. සුද්දට හෙණ අවුල. මිනිහා මාත් එක්ක කියපි " ටිකට් එක 1500 යි, වාහනේ පාර්ක්කරන්න තව 150යි, වැසිකිළියට පොඩි කාරනේට 100යි, ලොකු කාරනේට තව 100කයි..... මොකද්ද ලංකාවේ වෙන්නේ, අච්චර සීගිරියේ, පොළොන්නරුවේ ටිකට් වලට වැඩියෙන් සල්ලී අයකරන්නනේ නෑ ! මෙහේ Golden Buddha ඉන්න නිසාද අමතර ගෙවීම් තියෙන්නේ කියලා...." දළඹුවා කිව්වා " අනේ සුද්දා මෑන් පාර්කින් වලටයි, වැසිකිළි වලටයි මෙහේ සල්ලී ගන්නවා ,ඒත් පොඩි වැඩේ ලොකු වැඩේ කියලානම් වෙනසක් නෑ දෙකෙන් කෝක කලත්දෙකම කලත් ගාන 100යි ... සීගිරියේ, පොළොන්නරුව වගේ නෙවෙයි මෙහේ පාලනය කරන්නේ හරිම අමාරු පිරිසකකේ.ඒ අයට ගොඩාක් ප්‍රශ්ණ තියෙන අය" කියලා. සුද්දා මෑන් දළඹුවා දෙසට හැරී උරහිස ගස්සලා ගියේ මේවා කලේ මන් කියලා හිතලා වගේ. දළඹුවාටත් හොද වැඩේ. කොහොමහරි සුද්දගේ ප්‍රවේශ පත්‍රයට ,පිං කැටේට අමතරව අමතරව තව රුපියල් 250ක් වක්‍රව එකතුකරනවා. දළඹුවාටත් හිතෙනවා අම්මපා දඹුල්ල පන්සලේ මහනවෙලා ලොකු හාමුදුරුවෝ වෙන්න. 
හාද...........

මේ ගැන අවබෝදයක් තියෙනවානම් තවත් නම් මේ පන්සලේ භාවිතාව තේරුම් ගනීවී. දිනකට දඹුල්ලට සංචාරකයින් දහදෙනෙක් ඇවිත් නෑ මේ දක්වන අදායමට අනුව. දළඹුවාගේ ආ‍ශූ මාත්ත්‍රයක් තියෙන මොළේට අනුව මේ අදායම් කොතැනකට ගොස් ඇත්ද? අපේ ස්වාමීන්වහන්සේලාගේ සුඛවිහරයට ඇති වාහන කිහිපයක් දළඹුවා දැක්කා. දඹුල්ල සාසනේ හරිම දියුණුයි. නමුත් එතන බුද්ධ පුත්‍රයන් වහන්සේලා නම් නොමැතිබව මේ හිටපු ටික දිනට දළඹුවාට තෙරුණා. 


ඒ වගේම දැන් පන්සලේ හාමුදුරුවන් වහන්සේ පන්සල ගිහියෙක්ට භාරදෙන්න කථාව. මේවා නම් ගම්මන්පිළගේ,වාසුගේ,මහින්දගේ කුණු කථා වගේමයි. ඇත්ත ප්‍රශ්ණයට පිළිතුරු ලෙස සංචාරකයින් වෙත ප්‍රවේශ පත්‍ර අළෙවිය මධ්‍යම සංස්කෘතික අරමුදලට හා පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට භාර දී හාමුදුරුවන්ට හිතේ හැටියට පිං කැටේ භුක්ති විදින්න කියලා. මොනවද අපේ හාමුදුරුවනේ මේ කථා. ඇමති වුනත් ගිහියෙක්. ඔබ වහන්සේට බුදු බණපදත් දැන් අමතකවෙලා කියලයි දළඹුවාටනම් හිතෙන්නේ.......




Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)