ලාංකීය සමාජය කොතැනකද....1

ලාංකීය සමාජය කොතැනකද....

දේශපාලනය හා රාජ්‍ය පිළිබදව, බලය පිළිබදව නොයෙකුත් මතවාද ඉදිරිපත්ව ඇත. ඒ ඒ කියවීම් මුළුමලින්ම බැහැර කල නොහැකි මෙන්ම සියල්ල ඒකමතිකව පිළිගැනීමද කල නොහැක.

දේශපාලන විද්‍යා විෂයේ කේන්ද්‍රීය තේමාව වන්නේ රාජ්‍යය යි. එබැවින් රාජ්‍යෙය් ආරම්භය, එහි විකාශනය සහ වර්තර්මාන තත්ත්වය පිළිබඳව විචාරාත්මක දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්නෙකු විසින් අනිවාර්යෙන්ම කල යුත්තකි. රාජ්‍යයේ ආරම්භය හා විකාශය දෙස බැලිමේ දී පෙනීයන ලක්ෂණයක් වන්නේ යුගයෙන් යුගයට රාජ්‍ය යේ කාර්‍යභාරය වෙනස්වෙමින් ඉදිරියට ගමන් කර ඇති බවයි. පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය තත්ත්වයන් අනුව මෙම වෙනස්වීම සිදුව ඇත. රාජ්‍ය ක්‍රමයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ග්‍රීක නාගරික රාජ්‍යය ක්‍රමයයි. ඉන් අනතුරුව රෝම අධිරාජ්‍ය ක්‍රමය, මධ්‍යතන යුගය, වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය හරහා ඉදිරියට ගමන් කළ අතර 17වන සියවසේ ජාතික රාජ්‍ය වශයෙන් සංවිධානය වන ආකාරය දැකිය හැකිය. ජාතික රාජ්‍ය ගොඩ නැගී තිබෙන්නේ භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපත්‍ය බලය යන සාධක හතරේ එකතු වෙනිත මීට අමතරව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම තවත් කොන්දේසියක් ලෙස සමහර නුතන දේශපාලන විද්‍යාඥයින් පිළිගෙන ඇත. ජාතික රාජ්‍ය ක්‍රමයේ විකාශය දෙස බැලීමේ දී පෙනී යන්නේ ප්‍රථමයෙන් නිර්බාධවාදී රාජ්‍ය ලෙස පටන් ගෙන අනතුරුව සුභ සාධක රාජ්‍ය ලෙස ක්‍රියාත්මක වී, මේ වන විට අවම රාජ්‍ය ක්‍රමයට මාරු වී ඇති බවයි. අවම රාජ්‍ය ලෙස සලකන්නේ නිර්බාධවාදය හා සුභසාධකවාදයට අතර මැදි තත්ත්වයක් ය. රාජ්‍ය යේ ආරම්භය හා විකාශනය සලකා බැලීමේ දී ග්‍රීක යුගයෙන් පටන්ගෙන වර්තමාන ජාතික රාජ්‍ය ක්‍රමය දක්වා දිගු විකාශනාත්මක ගමනක රාජ්‍යය ඉදිරියට ගමන් කර ඇත. ඒ ඒ යුගවල ක්‍රියාත්මක වූ රාජ්‍ය පහත සඳහන් ආකාරයට හඳුනාගත හැක. I. ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය II. වැඩවසම් රාජ්‍ය ක්‍රමය III. ජාතික රාජ්‍ය ක්‍රමය IV. නිර්බාධවාදී රාජ්‍යය V. සුභසාධක රාජ්‍යය VI. අවම රාජ්‍යය VII. නව රාජ්‍යය වශයෙනි.


 I. ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය 
ක්‍රි.පූ. 7වන සියවසේ ග්‍රීසිය තුළ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය නාගරික රාජ්‍යක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. භූමි ප්‍රමාණයෙන් අතිශයින්ම කුඩා රාජ්‍ය කුමයක් වූ අතර ග්‍රීසියේ සෑම ප්‍රධාන නගරයක් පදනම් කරගෙන එක් රාජ්‍යයක් බැගින් පිහිටුවා තිබුණි.ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය තුළ සමාජ ක්‍රමය ගොඩ නැගී තිබුණේ ප්‍රධාන සමාජ පන්ති 3ක් පදනම් කරගෙනය. එනම් I. රදලයින් II. නිදහස් වැසියන් III. වහලුන් වශයෙනි. නාගරික රාජ්‍ය ක්‍රමය තුළ දේශපාලන බලය හිමිවූයේ රදලයින්ට/වහල් හිමියන්ට පමණි. විදේශිකයන්ට, ස්ත්‍රීන්ට, ළමයින්ට හා වහලුන්ට දේශපාලන බලය හිමි නොවීය.රදල පන්තිය ප්‍රමාණයෙන් කුඩා එකක් වූ නිසා සියලු දෙනාම දේශපාලන කටයුත වලට එනම් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කටයුතුවලට සහභාගි වූ අතර එම හේතුවෙන් මෙම ක්‍රමය හඳුන්වනු ලැබුවේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙසය. මෙහි අනෙක් ලක්ෂණය වූයේ රාජ්‍ය පාලනයේ වැඩ කටයුතු එනම් ව්‍යස්ථාදායකය, විධායකය, අධිකරණය කටයුතු කාර්යය වශයෙන් බෙදා වෙන් කොට නොතිබීමයි.

II. වැඩවසම් රාජ්‍ය ක්‍රමය 
රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව ආරම්භ වන පාප් අධිරාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ ක්‍රමය වැඩවසම් රාජ්‍ය ක්‍රමය ලෙස හඳුන්වා දිය හැකිය. මෙම ක්‍රමයේ මූලික ලක්ෂණය වූයේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමයි. මේ කිසිඳු රාජ්‍යයක් ශක්තිමත් මධ්‍ය බල අධිකාරයක් යටතේ ගොඩනැගී නොතිබුණි.ප්‍රාදේශීය මට්ටමින් බලය ක්‍රියාත්මක කරනු ලැබීය. රාජ්‍ය පාලකයින් පත් කිරීම, ඉවත් කිරීම පිළිබඳව අවසාන බලධාරිත්වය දැරුවේ පාප් වහන්සේය. ආර්ථික ක්‍රමය කෘෂිකර්මාන්තය මත පදනම් විය.

III. ජාතික රාජ්‍ය ක්‍රමය 
16 වන සියවස පමණ කාලයේ මධ්‍යම යුරෝපය තුළ ජාතික රාජ්‍ය ක්‍රමයේ ආරම්භය සිදු විය. මේ කාලය තුළ තමන්ගේ ම පාලන ප්‍ර දේශ, ස්වාධින පරිපාලන ක්‍රමය, ජාතික හමුදාවක්, ගොඩනගා ගන්නා අතර එය තහවුරු කිරීමට ස්වාධිපති බලය පිළිබඳ මතවාදය වර්ධනය විය. ජාතික රාජ්‍ය ක්‍රමය බිහිවීම කෙරෙහි බලපෑ හේතු සාධක කිහිපයකි. එනම්, 
1. පාප් අධිරාජ්‍යය බිදවැටීම. 
2. වැඩවසම් ක්‍රමය බිඳවැටීම 
3. ධනවාදය ආරම්භවීම 
4. ක්‍රිස්තියානි ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය 
5. කාර්මික විප්ලවය 
6. පුනර්ජීවන විප්ලවය යන කරුණු කාරණාය. 
මේ අනුව බිහිවන ජාතික රාජ්‍ය ගොඩ නැගෙන්න් එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් යන සංකල්පය පදනම් කරගෙනය. භූමිය,ජනගහනය, ස්වාධිපති බලය හා ආණ්ඩුව යන සාධක හතර පදනම් කොට ගෙන ගොඩ නැගී ඇත. ජාතික රාජ්‍ය ක්‍රමයේ පදනමට අවශ්‍ය දේශපාලන මතවාද බොඩෑන්, මැකියාවේලි සහ හොබ්ස් විසින් සපයනු ලැබු අතර නෛතික පදනම 1648 වෙස්ට්ෆෝලියා සාම සම්මුතියෙන් සපයන ලදී. ආරම්භක අවස්ථාවේදී සෑම ජාතික රාජ්‍ය ක්‍රමයකම පාලන ක්‍රමය ගොඩ නැගී තිබුණේ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක් පදනම් කරගෙනය. වර්තමානය දාක්වා ජාතික රාජ්‍ය ක්‍රමය විකාශය වීමේ දී රාජාණ්ඩුවාදී පාලන ක්‍රම, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම දක්වා පරිවර්තනය වී ඇති අතර ජාතික රාජ්‍යෙය් ආර්ථික මුහුණුවර කාලයත් සමග වෙනස්වීම් වලට භාජනය වී ඇත. එසේ සිදුවු වෙනස් වීම් නිසා රාජ්‍ය යේ ආර්ථික මුහුණුවර තුනක් හඳුනා ගත හැකිය එනම්, 
I. නිර්බාධවාදී රාජ්‍යය 
II. සුභසාධක රාජ්‍යය
III. අවම රාජ්‍යය

IV. නිර්බාධවාදී රාජ්‍යය 
නිර්බාධවාදී රාජ්‍යය ක්‍රමයේ මූලික ලක්ෂණ කිහිපයකි. එනම්, 
   I. පෞද්ගලික වාදය 
  II. රාජ්‍යය ආර්ථික කටයුතු වලින් මුළුමනින්ම ඈත් වීම. 
 III. ආර්ථික කටයුතු මෙහෙයවීම පුද්ගලයා විසින් කළ යුතු වීම.  
 IV. වෙළඳපොළ බලවේග මගින් ආර්ථිකය හැසිරවීම. 
      රාජ්‍ය යේ කාර්යභාරය වන්නේ මිනිසාට තම පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සමාජ කොන්දේසි නිර්මාණය කොට පවත්වාගෙන යාම මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි.
V. සුභසාධක රාජ්‍යය 
1928 – 29 තුළ ඇති වූ ලෝක ආර්ථික අවපාත යෙන් පසු නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය සුභ සාධක රාජ්‍ය ක්‍රමයට පරිවර්තනය වීම දැකිය හැකිය. 11වන ලෝක යුද්ධයෙන් පසු සුභ සාධක රාජ්‍ය ක්‍රමය ශක්තිමත් විය. ජෝන් මෙනාඩි කෙන්ස්ගේ ආර්ථික දර්ශනය තුළින් (කෙන්සියානු දර්ශනය) සුභ සාධක රාජ්‍ය සංකල්පයට න්‍යායික පසුබිමක් ලැබුණි. මෙම පරිවර්තනය කෙරෙහි බලපැ හේතු සාධක කිහිපයකි. එනම්,
    I. නිර්බාධවාදී රාජ්‍යය ක්‍රමය යටතේ සමාජ බහුතරය අවම වරප්‍රසාද සහිත අය බවට පත්වීම සහ ඔවුන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් විය යුතුය යන සමාජ ඉල්ලීම. 
   II. ලෝක යුද්ධ දෙකක් මගින් සිදුවන විනාශය සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රාජ්‍යය සක්‍රීය ලෙස මැදිහත් විය යුතුය යන ඉල්ලීම. 
  III. පෞද්ගලික අංශය අඩු අවධානයක් දක්වන හෝ මුළුමනින්ම අවධානයක් නොදක්වන ක්සේත්‍රයන් හි වර්ධනය සඳහා රාජ්‍යය සෘජ්ව මැදිහත් වීම. 
 IV. විවිධ සමාජ සුභ සාධක හා සංරක්ෂණ කාරයයන් ක්‍රියාවට නැංවීම. 
  V. සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්තාවන් යන සිද්ධාන්තය පදනම් කරගෙන රාජ්‍ය විසින් දේශපාලන ආර්ථික හා සමාජ කාර්යයන් කළමනාකරණය කිරීම. 
 VI. අවසාන වශයෙන් මෙහි හරය වන්නේ ආර්ථික හා සමාජ කටයුතු කළමනාකරණය සඳහා රාජ්‍ය සෘජුව මැදිහත් වෙමින් සමාජයේ පීඩාවට පත් කොටස්වල භෞතික වර්ධනය උදෙසා ක්‍රියා කිරීමය.

VI. අවම රාජ්‍යය  
1970 ගණන්වලින් පසු ජාතික රාජ්‍ය ක්‍රමය ආශ්‍රිතව වර්ධනය වන නව රාජ්‍ය සංකල්පය අවම රාජ්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. අවම රාජ්‍ය යනුවෙන් අදහස් කරන්නේ ආර්ථික කටයුතුවලින් රාජ්‍ය හැකිතාක් දුරට ඉවත් වීමය. මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ ධනවාදය හා නිදහස යන ආර්ථික දර්ශනය අවම රාජ්‍ය සංකල්පයට න්‍යායික පසුබිම සැපයීය. නමුත් නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය තුළ සිදුවූවාක් මෙන් රාජ්‍ය මුළුමනින්ම ආර්ථික කටයුතුවලින් ඈත්වීමක් සිදු නොවේ. සත්‍ය වශයෙන් දැකිය හැකි වන්නේ නිර්බාධවාදී රාජ්‍යයට වඩා තරමක් ඉදිරියට ගිය සුභසාධක රාජ්‍යෙයන් පසුපසට පැමිණි අතරමැදි තත්ත්වයකි.මේ අනුව සමාජ කටයුතු වලදී එහි අවමය කළමනාකරණය කිරීම රාජ්‍ය විසින් ද ආර්ථික කටයුතු කළමනාකරණය කිරීම පෞද්ගලික අංශය විසින් ද කළ යුත බව අවම රාජ්‍ය සංකල්පයෙන් අවධාරණය කෙරේ.

VII. නව රාජ්‍යය
නව රාජ්‍යයන් යනුවෙන් හඳුනවනු ලබන්වල බිහිවූ රාජ්‍යයන්ය. මේ සෑම රාජ්‍යයක් ආශ්‍රිතවම පොදු ලක්ෂණ කිහිපයක් හදුනාගත හැකිය. එනම්, I. ආර්ථික වශයෙන් - අසංවර්ධිත වීම II. දේශපාලන වශයෙන් - නවීකරණය නොවීම III. සාමාජයීය වශයෙන් - බහුවිධ ස්වරූපයක් ගැනීම මෙම රාජ්‍යයන් තුනවන ලෝකයේ රාජ්‍ය ලෙසද හඳුන්වනු ලැබේ. අතීතයේ සිට මේ දක්වා මෙම රාජ්‍ය මුහුණ දී ඇති ගැටළු වන්නේ ජාතිය ගොඩනැංවීම සහ ආර්ථික සංවර්ධනය අයත් කර ගැනීමය.
දළඹුවා අළුත් දේශපාලන විද්‍යාව ටියුෂන් පන්තියක් දාලා කියලා හිතන්නේ නැතිව මේ ටිකත් කියවන්න. මොකද දළඹුවා අන්තිමට කියන්න හදන් පොඩි වාක්‍ය කිහිපය වෙනුවෙන් මේ හැදෑරීම ඔබ කල යුතුබව මගේ හැහීමයි.
රාජ්‍ය සම්භවය පිළිබද මතවාද
I. දේවවරම්වාදය
මෙහි හරය වන්න් රාජ්‍ය දෙවියන් වහනසේ විසින් නිර්මාණය කළ බවයි. දෙවියන් වහන්සේ විසින් පලකයා පත් කොට ඔහුට පාලන බලතල පවරා ඇත. පාලකයා එම බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට වගකිව යුතුය. දේවවරම්වාදයේ විශේෂ ලක්ෂණය වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින් පටහැනි සිද්ධාන්තයක් වීමය. එමගින් අයහපත්,ආඥාදායක, රාජාණ්ඩුවාදී පාලන ක්‍රම බිහිවීම වැලැක්විය හැකි නොවේ.

II. සමාජ සම්මුතිවාදය

සමාජ සම්මුති වාදය නව යුගය තුළ රාජ්‍ය පිළිබඳ නව මතවාදයක් ලෙස හැඳින්විය හැක. මෙම මතවාද ඉදිරිපත් කිරීමට මුල්වූයේ එංගලන්ත ජාතික තෝමස් හොබ්ස්, ජෝන් ලොක් හා ප්‍රංශ ජාතික ජින් ජැක්වින් රූසෝය. මොවුන් තිදෙනා දරණ පොදු මතය වන්නේ රාජ්‍ය වූ කලී මිනිසුන අතර ඇතිකරගත් සමාජ සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වූ බවයි. නමුත් සම්මුතියෙන් ඇති කරගත් රාජ්‍ය හොබ්ස් දැක් වූ ආකාරයට අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමයක් වේ. ජෝන් ලොක් විසින් තම සමාජ සම්මුතිවාදී අදහස තුළින් පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය අදහස ඉදිරිපත් කළේය. රූසෝ දක්වන ආකාරයට මහජන ස්වාධිපත්‍යය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වේ. මෙම මතවාදයන් මගින් එතෙක් කල් පිළිගෙන තිබූ දේවවරම්වාදය ප්‍රතික්ෂේප කරමින් රාජ්‍යයට ජනතා පදනමක් සපයන ආකාරය හඳුනාගත හැක. යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වේ.


III. විකාශනාත්මකවාදය

සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වූ බව විකාශනාත්මකවාදය මගින් කියැවේ. රාජ්‍ය බිහිවීම සම්බන්ධයෙන් මිනිසුන් එකට රක්තැන් වීම තීරණාත්මක සාධකයක් වූ බව විකාශනාත්මකවාදයෙන් දැක්වේ. මින්සුන් එකට එක්තැන් වීම කෙරෙහි බලපෑ සමාජ බන්ධන ලෙස විකාශනාත්මකවාදීන් දක්වන්නේ ඥාති සම්බන්ධතා, ආගම, පොදු වාසස්ථානයක පදිංචි වීම, ආරක්ෂාව, ආර්ථික අවශ්‍යතා සහ දේශපාලන හැඟීම් යනාදියයි. මෙයාකාරයට ආරම්භ වූ රාජ්‍ය විකාශය වූයේ ගෝත්‍ර රාජ්‍ය, පෙරදිග රාජ්‍ය, ග්‍රීක නාගරික රාජ්‍ය, රෝම අධිරාජ්‍ය, වැඩවසම් රාජ්‍ය සහ නූතන ජාකි රාජ්‍ය ක්‍රම හරහාය. රාජ්‍ය යේ පැවැත්ම සදාතනික දෙයක් ලෙස විකාශනාත්මකවාදීන් දකින අතර මිහිපිට මිනිසුන් වාසය කරන තෙක් රාජ්‍ය ද නොනැසී පවතීය යන්න විකාශනාත්මකවාදයේ හරය වේ.


IV. ලිබරල්වාදය

ලිබරල්වාදය හා විකාශනාත්මකවාදය අතර එතරම් පැහැදිලි වෙනසක් හඳුනාගත නොහැක. ලිබරල්වාදීන් ප්‍රකාශ කරන්නේ රාජ්‍ය වූ කලී මිනිසුන් විසින් තම පොදු යහපත උදෙසා පිහිටුවාගත් පොදු සංවිධානයක් ලෙසය. මේ අනුව මිනිසාගේ භෞතික සංවර්ධනය සඳහා කටයුතු කිරීම රාජ්‍ය යේ ප්‍රධාන කාර්යය ලෙස ලිබරල්වාදී හු හඳුනා ගනිති. විවිධත්වය සහිත මිනිසුන්ගෙන් යුත් සමාජයක පොදු යහපත ගොඩනැගීමට නම් රාජ්‍ය වැනි පොදු සංවිධානයකින් එවුන් පාලනය කිරීම අවශ්‍ය වන බව ලිබරල්වාදීන් කියා සිටියි.


V. පැසිස්ට්වාදය

පැසිස්ට් රාජ්‍ය ආරම්භය පිළිබඳ කථා කරන මතවාදයක් නොව රාජ්‍යෙය් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නා වු මතවාදයක් ලෙස හැඳින්විය හැකිය. උත්තරීතර බලයක් සහිත ආඥාදායක රාජ්‍ය ක්‍රමයක් පැසිස්ට්වාදීන්ගේ ආදර්ශය වේ. මෙම රාජ්‍ය තුළ මිනිසා රාජ්‍ය යේ සේවකයකු මිස රාජ්‍යය මිනිසාගේ සේවකයකු නො වේ.


VI. සමාජවාදය

සමාජවාදී මතය දකින්නේ රාජ්‍ය පංති ආයුධයක් ලෙසය. ඇති - නැති ලෙස සමාජය බෙදී ගිය පසු ඇති පන්තියේ ඕනෑ එපාකම් හා ආශාවන් ආරක්ෂා කොට පවත්වාගෙන යාම සඳහාත් නැති පන්තිය පාලනය කරමින් සූරා කෑම සඳහාත් රාජ්‍ය නැමත් උපකරණය ඇති පන්තිය විසින් පිහිටුවාගත් බව සමාජවාදීන්ගේ අදහස වේ. සමාජවාදීන් රාජ්‍ය සදාකාලික දෙයක් ලෙස නොසලකන අතර රාජ්‍යෙය් බිහිවීමට පදනම් වූ පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමෙන් රාජ්‍ය ද අහෝසි වන බව කියා සිටී. සමාජවාදීන්ගේ මතයට අනුව මිනිසාට සැබෑ විමුක්තිය උදාවන්නේ රාජ්‍ය පෙරළා දමා ගොඩනගන කොමියුනිස්ට් සමාජ ක්‍රමය තුළය.

ඉහත කරුණු ඔබ විසින් මැනවින් කියව්වා ලෙස දළඹුවා විශ්වාස කරමි. එසේනම් ලා‍ංකීය අප දැන් සිටින්නේ කොතැනකද?
ජනාධිපතිතුමා මින් කොතැනකක රැදෙනවාද යන්න තවම ප්‍රකාශීත නොවුනත් ඉබේ කඩන්වැටුණ කිරුළ රැකගැනීමක පමනක් එතුමා යෙදෙනබව දළඹුවාට පැහැදිලිය.නමුත් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන්නේ සමාජ ආර්ථික වෙළදපළ තත්වයකි. එක්සත් ජාතික පක්ෂයද අගමැතිතුමා යනමග ගමන්කරනු ඇත. එසේ ගත්කල ශ්‍රී.ල.නි.ප. ට නම් කල යුත්තේ කුමක්ද යන්න පිළිබදව පැහැදිලි මතයක් නොමැති බව කිව යුතුය. ඔවුන්ගේ වර්ථමාන හැසිරීම හා පසුගිය මහින්ද පාලනයේදී හැසිරීමේදී කටයුතු කල අකාරය තුළ කිවහැක්කේ සියල්ලෝ චෞරවයෝ බව පමණක් කිව හැකිය.
එසේම ජනතා විමුක්ති පෙරමණ, පෙරටුගාමීන් වැන්නවුන් ඇතුළු නිර්ධන පන්තියේ ගැලවුම් කරවන් ලෙස පෙණි සිටින්නේ ධනවාදයේ සුභසාදන ප්‍රතිපත්තීන් වෙනුවෙන් පෙනී සිටිමින් ව්‍යාජ දුක්ගන්නා රාළලා බවට පත්වීමය. සත්‍යයනම් ඔවුන් කරන්නේ ජනතාව සුරාකෑමේ ක්‍රමය වෙනුවෙන් වක්‍රාකාරයෙන් දායකවීමකි. එය එසේ නොවන්නේනම් අනුරගේ පුතා පෞද්ගලික විශ්වව්‍යාලයකින් උපාධියක් ලැබීම, විදේශ ඉඩම් හිමිකම, සෝමව‍ංශ අමරසිංහ හා කුමාර් ගුණරත්නම්ගේ භාවිතාව මීට වැඩිය වෙනස්විය යුතුව තිබිය යුතුය.
දළඹුවාට දේශපාලන විද්‍යාවේ මුලිකතම කරුණු ගෙනහැර දැක්වීමට හේතුවුනේ දළඹුවා පහුගිය කාලය පුරාවටම දළඹුවා කථාකරපු දඹුල්ල සිදුවීම මත වේ. එහිදී දඹුල්ල ස්වාමීන්වහන්සේලාගේ පසුගිය කාලයේ කටුයුතු යම්තරමකට හෙළිදරව් විය. සල්ලී වලට වෙච්ච දෙයක් කීමට නොහැකිය. එසේ තිබියදීත් තවදුරටත් දඹුල්ල බැලීමට එන සංචාරකයින්ට විකුණන ප්‍රවේශ පත්‍ර වල දිනකට ලක්ෂ 25කට එහා මුදල අඹගස්වැව රාහුල හාමුදුරුවන් ඉල්ලා සිටින්නේ අප රට තවම දේවවරම් වාදයේ පිහිටුවමිනි. 

 දේවවරම්වාදය තුළ දෙවියන් අන් සියල්ලට ඉහළින් ශේෂ්ඨතමයා විය. මිනිසුන් දෙවියන් වෙනුවෙන් වැඩකල යුතු වේ. දෙවියන්වහන්සේගේ මිහිපිට නියෝජිතයා වන්නේ පාප් වේ. ප්‍රාදේශීයකයන් වශයෙන් විසිරී සිටින පුජකවරයින් දෙවියන්ගේ අණ ක්‍රියාත්මක කරන ධුතයින් වේ. ඔබ කුඩාකල රොබින් හුඩ් නැරඹුවේනම් පල්ලියේ ෂෙරීෆ් විසින් ගිස්බන්ව යොදවා මිනිසුන්ගේ වස්තුව කොල්ල කන්නේ එහෙයිනි. දෙවියන්වහන්සේගේ කැමැත්ත මත පාප් විසින් බදු පැනවු පසූ එකී බදු නොගෙව්වා කියන්නේ දෙවියන්ගේ කැමැත්ත උල්ලංගනය කිරීමකී. දැන් අප එළබෙමින් සිටින්නේ එවන් වු යුගයක් වෙතද යන්න මේ දඹුල්ලේ සිදුවීම දිගින් දිගටම අද්‍යනය කීරීමේදී දළඹුවාට සිතිණ. සියල්ලට ඉහළින් එනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට, අණ පනත් සියල්ලට ඉහළින් ලාංකීය සමාජයතුල හාමුදුරුවන් වහන්සේලාගේ දේශණා බලාත්මකනම්, බුදුන් වෙනුවෙන් අප හාමුදුරුවන් වහන්සේලාට රටේ උරුමයන් පවරා දී ධනය රැස් කීරීමේ අයිතිය තිබේනම් වර්ථමානයේ අප පියනගන්නේ දේවවරම් වාදය වෙත වේ. එසේත් නැත්නම් ජාතික රාජ්‍යයේ ආරම්භය වෙතය.
 එසේම මහින්දගේ භාවිතාව තුල, ඒ භාවිතාව අගය කරන්නන් සිටින, ඔහුගේ දූෂිතකම් නොසලකාහරින සමාජයක් අප අවට ඇත. එසේගත්කල අප තවම සිටින්නේ වහල් යුගයේය. එසේම සුළුතරයක් විසින් සමාජයේ තීන්දු තීරණ මෙහෙයවන සමාජයක පෙනෙන්නේ වැඩවසම් ලක්ෂණයි. 
තත්වය මෙසේනම් නව ලිබරල් ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් එහා ගොස් සමාජ ආර්ථික ක්‍රිමවේදයල් ලංකාවට රනිල් වික්‍රමසින්හයන් හදුන්වා දුන්නද එය රිළවුන්ට පැම්පස් ඇන්දවීමක් හා සමාන වේ. 
ඇමති අකිල කරන්නේද එයයි. සියල්ල එක් තැනකට කේන්ද්‍රගතව තියෙන මුදල් ප්‍රමාණයක් පොදු ආයතනකට යොමුකර ඒ මගින් සමස්ථ ජාතික උරුමයන් සුරෑකීමවෙනුවෙන් යොමුකීරීම ඔහුගේ අරමුණයි. නමුත් සත්‍ය කථාකීරීමට යාමේදී මේ රටේ ඇතැම් මාද්‍යයන් ජන වින්‍යාසයට ඔබ්බවන්නේ " මෙන්න ඇමති පිං කැට අයිතිකර ගන්න හදන්වා යනුවෙනි" . එසේ ගත්කල මාද්‍ය විසින් මේ රටේ ජනතාව මෙහෙයවන්නේ පැසිට්වාදී ජුන්ටාවක් වෙනුවෙනි. පැසිට්වාදීන් විසින් සිය තීරණ ජනතාකරණය කරගැනීම වස් මාධ්‍ය භාවිතාකරනු ලැබිණ. සෘජුව හෝ වක්‍රව වර්ථමානයේ ශ්‍රී ලංකාවේ මාද්‍යන් විසින් සිදුකරන්නේද එයමයි.
මෙසේ ගත්කල රනිල්ගේ සමාජ ආර්ථික වෙළදපල ගැන යම් හෝ අවබෝධයක් ඇතිකරගැනීම තියා තමන්ගේ නිදහස නිසි පරිදි අර්ථගැන්විය හැකි පිරිසක් මෙරටතුල පවතින්නේද යන්න වෙනමම කථාකල යුතු තත්වයකි.






















Comments

Popular posts from this blog

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)