ගල් වඩුවා හා කෝට්ටෝරුවා
GMOA වැඩ
වර්ජන, රටේ ව්‍යවස්ථා
සම්බන්ධයෙන් බණ දේශනාකරන්න කලින්
අස්ගිරියේ අප හාමුදුරුවනේ දඹුල්ලට වගකියන්න
"ගල් වඩුවා යම් කාලයක් ගතකර හෝ කළුගල වුවත් සුමට කර
කලාත්මක නිර්මාණයක් ලොවට දායාද කරන අතර කොට්ටෝරුවා කෙසෙල් ගස හැර වෙන හැම ගසක්ම
අවස්ථාව ලැබුනොත් බෙනහාරා විනාශකර දමයි."
මේ යථාර්තය තුල වු සත්‍යවූ කරුණකි.
එසේගත්කල කොට්ටෝරුවා පරිසරයට හානි පමුණවන්නෙක් බවත්, ගසක පවා පැවැත්මට බධාකරන්නේක් බවට පත් වී ඇත.
පහත ඡායාරූපයන් අප ජාතියේ පමණක් නොව ලෝක උරුමයක් බවට පත්වී ඇති දඹුල්ල විහාරයේන් දළඹුවා වෙත ලැබුණ ඒවා වේ. මේම ඡායාරූපයන් දක්වා තිබේන්නේ කුඹල් ගෙවල් හේතුවෙන් දඹුළු ලෙන්
සිතුවම් වලට හා පිළිම වහන්සේලාවෙත සිදුකර ඇති හානියයි.
කූඹලා යනු අහිංසකසතෙකු
වුවත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සදහානම් එකී සතා පළිබෝධකයෙකි. එය වඩාත් පැහැදිලි
කරන්නේ නම්, කුඹලා විසින්
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සිතුවමක, පිළිමවහන්සේ නමක් මත සිය නිවස ඉදිකරනු ලැබු
පසු එය ඉවත් කිරීමේදී එම සිතුවමේ මුල් වර්ණ පදාසයන් එම කුඹල් මැටි සමග මිශ්‍රව
ගැලවී යා හැක.
එය පුරාවිද්‍යාඟයෙක්ගේ මානයෙන් ගෙන බැලූ කල මිල කල නොහැකි හානීයකී.
මන්ද ඒ කුඹල් ගේ සමග ගැලවී යන්නේ මෙම චිත්‍රවල පෞරාණික අගයන් විය හැක එසේත්
නැත්නම් එම වර්ණ සංයෝගයන් එකී චිත්‍රවල මුල්ම අවදියේ තවරනලද වර්ණ විය හැක. එසේම
පුරාවිද්ඟයින් විසින් මෙවැනි අවස්ථාවකදී ක්‍රියාත්මකවන විධිපවතී. එය ඔවුන්ටම
ආවේණික ක්‍රමයන් වේ. නමුත් පන්සලක බිම අමදින ඇඹිත්තයෙක්ට එවැනි තත්වයක් කෙරෙහී
අවබෝධයක් පවතීද? දළඹුවා කියනවට ඔබ හොදින්
මෙම ඡායාරූප නැරඹුවහොත් ඒ අකාරයට අවිධිමත්ව කුඹල් ගෙවල් ඉවත්කීරීම මත පෞරාණික
චිත්‍රවල වර්ණ පදාස ගැලවී ඉවත් වී ඇති අකාරය දැකගත හැක.
එමෙන්ම පිළිමවහන්සේලා මත
කුඹල්ගෙවල් ඉදීකර ඇති විට ඒඅය ඉවත්කිරීමේදී පිළිමයේ යම් කොටසක් ගැලවී ඉවත්විය හැක.
එසේම මෙවැනි කුඹල් ගෙයක් ඉබේ බිමවැටී තිබණත් ඇඹිත්තයෙක්ට එය අපවිත්‍ර දෙයක් පමණි.
සාමාන්‍ය පරිදි එය කුණු කූඩයට ඔහු දැමුවත් පුරාවිද්‍යාඟයෙක් ඉම කාර්ය්‍යන් එවැනි
අකාරයට ඉටු නොකරයි. තත්වය ඔබට වැටහෙන්නේනම් දඹුල්ල පන්සලතුල එකී විහාරස්ථානයේ
ගෞරවණීය අප හාමුදුරුවන්වහන්සේලා අත්තනෝමතික ලෙස පුරාවිද්‍යාඟයින් ඉවත්කර කර ඇති
හානීය ඔබට පැහැදිලි වනු ඇත.දළඹුවා කියන්නේ ඉතා පොඩි සතෙක්. එකාට දැනෙන දේ මේ රටේ සාතිශය ජනතාවකට නොදැනීම දුකට හේතුවක්.
එසේ ගත්කල කිසිදා
කොට්ටෝරුවෙක්ට ගල් වඩුවාගේ කාර්‍ය් ඉටුකරගත නොහැකි අතර යම් කොට්ටෝරුවෙක්ට
ගල්වඩුවාගේ කාර්‍ය් ඉටුකිරීමට ඉඩ දී බලාසිටිනේද යන්න අප අපගේ හදවත්වලට තට්ටුවක්
දමා විමසිය යුත්තකි.
බෞද්ධ රටක උරුමයන්ට එලෙස සලකණ අපේ හාමුදුරුවන් වහන්සේලාගේ කෙළි ටික බලාගෙන එළියට බැස්ස දළඹුවාට දැකගත හැකි වුයේ සුපිරි ගණයේ ව්‍යාපාර ජාලයකි. අතී නවීනයි. දළඹුවා පොඩ්ඩක් එඹිකම් කලේ මේකෙන්වත් ජොබක් ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලා.
අපේ අස්ගිරි පාර්ශවයේ සංඟ සභාව GMOA වැඩ වර්ජන නවත්වන්න, රටේ ව්‍යස්ථා සම්බන්ධයෙන් බණ දෙශනාකරන්න කලින් තමන්ගේ අනුදැනුම යටතේ තිබුණ දඹුල්ල විහාරයට කල හානිය ගැන ජනතාවට කරුණු ප්‍රකාශ කිරීමට වගවිය යුතු වේ. රටේ උරුමයන් විනාශ කල අයට දඬුවම් පමුණුවා රට හදන්න එන්න කියන එක දළඹුවා රටටම ඇහෙන්න කියනවා. හාමුදුරුවනේ ඔබ සියළු දෙනා මීට ජාතියට මේ සම්බන්දව වගකියන්න ඕනා අපේ හාමුදුරුවනේ. රටට බණ කියන්න කලින් ඔබවහන්සේලා තමන්වහන්සේලාට වගකියනු මැනවි......!!!
Comments
Post a Comment