කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)

59 දර්ශණ තලය : ජෙහාන් හා ප්‍රියන්ත නව නිවසක් ඇතුලත. ජෙහාන් හා ප්‍රියන්ත නිවසේ හිඳිමට අඳින ආකාරයේ සැහැල්ලු ඇඳුමින් සැරසී ඇත. මෙම නිවස ඉතා නවීන නිවෙසකි. යම් තරමින් මළානික අඳුරු ගතියක් කාබරය තුල ඇත. රාත්‍රී කාලයක් ඇඟවිය යුතුය. ආලින්දයේ ඉතා අඟනා සොෆාවකි. ප්‍රධාන දර්ශණ තලය සැකසෙන්නේ මේ තුලය.... ජෙහාන් හා ප්‍රියන්ත අතර ආලින්දයේ කථා බහකි . ප්‍රියන්ත : ඈ අය්යේ මොනාද අය්යේ මේ වෙන්නේ... ? ජෙහාන් : ඇයි බන්..... මොනවද.. ? යකෝ කෝ කුඹියෝ ඉවරත් එකේ.... ලකයි , දමිතයයි තව වැඩක් කරයි. උඹත් පොඩ්ඩක් ඔය ටෙලි උළෙලවල් ටික ගොඩදාගන්න සපොර් එකක් දීපන් බන්.... ITN එකටත් පොඩි ආතල් එකක් දෙන්න ඕනනේ බන්.. ප්‍රියන්ත : අය්යා..... මඟුලක් කියනවා. අය්යා රේල් පාරේ කෙහෙල් හිටවනවා. ජෙහාන් : අම්මට...... උඹ දැන් මට Talk issue කරනවා එහෙනම්. ඇයි මට කෙහෙල් හිටවන්න වෙනතැන් නෑ කියලද හිතාන ඉන්නේ. මල්දෙණිය පච වුනා මතකනේ. (ජේහාන් මවාගත් කෝපයකින් යුතුව ප්‍රකාශ කරයි) ප්‍රියන්ත : අය්යේ කුඹියෝ ඉවරයි..... මට වෙන අවුලක් තියෙන්නේ අය්යේ..... (ප්‍රියන්තගේ මුහුණට ගැටළුකාරී බවක් ආරෝපණය වී ඇත) ජෙහාන් : උඹ වෙලාවකට ක...