කරන්න කලින් හිතිය යුත්ත.....
පහුගිය කාලේ ලංකාවේ
රස්නේ හොඳටම වැඩි වුණා. රස්නේ අස්සේ දළඹුවා රිංගුවා අත්තනගල්ලේ වළව්වේ හොඳවයින්
හොඳ ගහකට. ඉහළම අත්තට නැඟලා වටේම ඇහැවැටේන බේනයකට සෙට් වෙලා හිටියේ රස්සේ
දළඹුවාටත් හොඳවයින් දැනුණ නිසාමයි ඕන් හරිද..? පැත්තකින් සෙංකඩගල , ලඟට බලද්දී කෑගල්ල,
තව ටිකක් හැරුණාම
දියවන්නාවම හොදට පේනවා, පොඩි අතු
කෑල්ලකට නැග්ගහම අප්පට බොල ගිරුවාපත්තුවත් පේනවා......... ඒ වගේම කකුල්හතරේ බූරූවෝ
නොපෙනුනත් පුත්තලමේ කකුල් දේකේ අහවල්ලූනම් දළඹූවා හොඳටම දැක්කා.........
රුවන්මැලීසෑය, ශ්‍රී මහා
බෝධීන්නාන්සේවත් වැඳපුදාගෙන දඹුල්ලේ අපේ සල්ලීකාර හාමුදුරුවන්වත් වැඳගෙන දළඹුවා
ටිකක් සැනසිල්ලේ නින්දක් දාන්න කියලා හිතාගෙන. ඇත්තට ලංකාවේ මිනිස්සූ...? ලංකාවේ
මිනිස්සූ වෙලා ඉපදුණාට වඩා දළඹුවෙක් වෙලා ඉපදීම ගැන දළඹූවාට නම් සැනසීමක් කියලා
හිතේනම කාලයක් මේ. බැඳුම්කරේයී, මහතැනගේ
කඩුවයි දෙකම ආණ්ඩුවේ බැළුම් බෝලේ හිල්කරගද්දී ගමේ ඡන්ද පෙට්ටියට පොහොට්ටුවෝ
රිංගූවේ මේ රටේ ඡන්ද දායකයගේ ඇස් වහමිනි. ගමේ ඡන්ද පොළෙ රතින්ඥා කරලේ ඉඳන්
කුංඩසාලේ අවිගබඩාව දක්වා හැමෝම කලකීදේවල් මේ දළඹුවා හොදවයින් බලාගෙන හිටියේ
ඇතැම්වෙලාවට ඔක්කාර කරන්නේද නැතිවම නෙවෙයි.
කල මෝඩකමේ තරම ලංකාවේ
මිනිස්සුන්ට තේරේනවද මන්දා.....? කියලත් දළඹුවාටනම් හිතේන්නේ ඔක්කෝම වෙලා යාන්තමට
"වච්චිල්" කියලා කියා ගත්තට පස්සේ ජෝයින්ට් විපක්ෂයේ මොලේ දෙමළ, බඩ කෑඳර, කට රට ගිනිතියෙන
දීනේෂ්, වාසූ කට ඇරියේ
"රනිල් මේ තෙල්දෙණියේ වැඩේ රචනා කල බවට. දළඹුවට හීනීයට පඩයකුත් ගියා ඒක අහලා.
දළු කොළම කකාහිටපු නිසාද කොහෙද කොළපොඩිවෙච්ච සුවඳමයි ආවේ..... නීතීය හා සාමයත් යන
එකා හැම පවක්ම අරන් පල කියලා මහතැන දීලා තියෙද්දී රනිල් ලොක්කට අස්ගිරියේ හාල්
කැවිලද....? නෑ
…… එහෙම
නෙවෙයි.
රතින්ඥා කරලෙන්
පටන් අරන් දියතලාවේ නැවැත ත්‍රස්තවාදය අවුළුවන්න බැලුවා. ගොම්මන්ව්පිල , මෝදක
වීරවංශ එතැනදී හනුමා වුණා,
අම්පාරේ වඳ පෙත්ත අහුලන් ආයේම රවුමක් අවුළලා රටම ඇවිළුවා
අන්තිමට නියම වේලාවට අර මැරුණ තරුණයව හන්දිගානේ පුච්චන් කෑවා. රටේ මිනිස්සුන්ගේ
තියෙන කුහක ගතියට ඕන මීමේකුටම හාන්න පුළුවන් විදිහට ශ්‍රී ලාංකීය මුළුමහත් සමාජයම
මඩ ගොහොරුවක එරීලා ඉන්න විත්තිය මේ දවස් ටිකට දළඹූවාටනම් හොඳටම පෙනින.
මේ
රටේ හුළඟ, මේ
රටේ ගහ කොළ, ඇල
දොළ, ලස්සන
පිණි වැහි වහින කඳු මුදුන් මුන්ට ගානක්වත් නැත. සුළු ජාතික මහ එවුන්ටත් ඕනේ තමන්ගේ
වරිගේ වුන්ව මරාගෙන කාලාහරී උන්ගේ කොටස වැඩිකර ගැනීමයි. මේ හැමෝගේම රංගනය
දළඹූවාටනම් පෙනෙන්නේ වටිනා දියමන්තියක් මත මුන් හැමෝම ඇසිඩ් ඉහිනවා වැන්නකි. දැන් ඔය
රනිල්ට එරෙහිව විශ්වාසභංග ගෙනැල්ලා ඔහුව බලයෙන් නෙරපලා කාවද ඔය කියන 225 අතරින්
අගමැති පුටුවේ හිඳුවන්නේ. ආයේමත් මහින්ද?
එකක් බෑ.... නමුත් පුළුවන් වුනත්? බෑ.
ගෝඨා.... ලේ පිපාසිත මානසික විකෘර්තියකි. නිමල් සිරිපාල..? විහිළුවකි.
සජිත් ප්‍රේමදාස...? මොනවද
මෙතෙක් ඉටුකර ඇති මෙහෙවර... මහින්ද අමරවීර..?
මෛත්‍රීගේ පොටෝ කොපියයි... ඇත්ත නම් රනිල්ටද රට මේ වගේ
ගැටළුකාරී අවස්ථාවක මඟ හැරිය නොහැක. රටේ සත්‍ය තත්වය අවබෝධ කරගත්තවුන් අතර රනිල්
මුල්තැන ඉන්න බව සත්‍යකි. රටම තේරුම්ගත යුත්තෙත් එයයි. එය තේරුම් කල හැක්කේ සියල්ලක එකට මිස එක සියයකට
බේදීනම් නොවේ. රටේ ජනතාවට ඇඟිල්ල දික්කරලා වැරදී පෙන්නලා දෙන්නහරි පුළුවන් පක්ෂය
එක්සත් ජාතික පක්ෂයයි. සියළු ජාතී එක්කල හැකී, ජාතීක ඒකාබද්ධතාවය ගොඩනැඟිය හැකි දේශපාලන පක්ෂය එක්සත්
ජාතික පක්ෂයයි. උඩු රැවුළට,
ජාතීක ඇඳුමට,
සාටකයට,
සිවුරට මුවා වී බල උන්මත්තයින් නැවත රජ කල නොහැක. එය
දළඹූවන්ට කල හැක්කක් නොවෙයි. එය කල හැක්කේ මේ රටේ මිනිසුන්ටයි. මෛත්‍රීට යලී
අවස්තාව දීම යනු 2020-2025
වැටකොළු පතෝල වගෙයි. එහෙම නැත්නම් කැඳ හැළියක් මෙන්ය.
පහුගිය
පෙබරවාරී 10
වෙනිදා මිනිස්සූ යහපාලන අවුරුදු තුනේ පුකට පයඉන් ගසා ඇති බවක් විළිලැජ්ජාවේ බැරුවා
වුනත් දළඹූවාත් කියමි. එසේනම් කැබිනට් මාරුවෙනුත් මහ ලොකු දෙයක් නොවුන එකේ මෛත්‍රීගේ
වෙනස්කනුත් පෙරපරිදිමය. සුසිල් වැන්නවුන් කූඬැල්ලන් මෙන් මෛත්‍රීගේ සියල් සිරුර
වසාගෙන ඇත. රාජපක්ෂලා නැවත ජනතාව අර සතාට අන්දගෙන මුළු රටම එකවර කොල්ලකන්න
ලැහැස්තිවෙමින් සිටින මොහොතක,
ජාතීවාදය අවුස්සමින් සිටින මොහොතක ලක්ෂ ගණනක ජන සංහාරයක්
ඇතිවනූ ඇත. 83නේ
කළු ජූලීයේ රහදන්න සුසන්ත පුංචිනිලමේලා පවා දැන් ඉන්නේ මහා පාදඩයා සමඟය. එනම්
මහින්ද සමඟය. එක්සත් ජාතීක පක්ෂයට මේ
මොහෝතේ පැවරී ඇත්තේ ඩී.එස්.සේනානායක මැතිතුමා නැවැත්තුව තැනින් යලි පටන් ගැනූම බව
දළඹූවාගේ අදහසයි. රටේ ඇතිකල යුත්තේ රට ඉදිරියට ගෙන යා හැකි පරපුරකි. නව ශ්‍රී
ලාංකීය සමාජයකි. නමුත් ඒ ඩී.එස්.සේනානායකයණාන්ගේ " බලගතු ශ්‍රී ලංකාවක්
" බලගැන්වීමට ඉන්ධන අවශ්‍යය. අන්න ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ප්රතිසංශෝදනයක්
අවශ්‍යය. නායකයා සතු දැක්ම පක්ෂයේ ඉදිරි දැක්ම සේ සලකා කටයුතුකල හැකි නායකයින්
ගොඩනැඟිය යුතුය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ විකල්පය ලෙස හිතන පිරිසක්
පක්ෂ්යතුලම සිටින අතර සජිත්ව ඉදිරියට ගත යුතුය. ඔහු දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ
උප නායකයා වේ. ඔහුට ලබාදිය යුත්තේ පක්ෂය දිනවන මෙහෙයුමේ මෙහෙයුමයි. ඒ වගේම රනිල්
වික්‍රමසිංහයන්ගෙන් පසුව බිහිවූ අධ්‍යාපන ඇමතිවරයා වර්ථමාන අධ්‍යාපන අමාත්‍යවරයායි
යන්න දළඹූවා ඔය හැම ගහක් කොළක් ගානේම යද්දී සමස්ථ රටේ මිනිස්සූ කියන දෙයකි.හරි දේ
වෙනුවෙන් දේශපාලනය වුනත් උකසට තියන නායකයෙක් බව දළඹුවා හැඳිනගත්තේ දඹුල්ලේ පිංකැට
වැඩෙනි. විදේශිකයින්ට විකුණන,
නමුත් රටට අහිමි මුදල සමස්ථ රටේම උරුමයන් කළමණාකරණයට
යෙදවිය යුතුය යන දේශපාලන දෙඹරය බියනැතිව දෙපළුකලේ ඔහුය. අවසානයේ පන්සල් විතරක් 1000කට එහා ප්‍රමාණයක්
ගොඩනැඟීමට රුපියල් ලක්ෂ 05හ
බැඟින් ලබාදුන්නේ රජයට දශමයක් නොදැනෙන්නටය. ඔහු සතු සැලසුම් ඇත. රනිල් ගේ යොවුන්
පෙරමුණේ මෙතෙක් බිහිවූ හොදම නිමැවුමමයි. ඔහු එක්සත් ජාතීක පක්ෂයේ මහලේකම් ධූරයට
පත්වන්නේ නම් සජිත්ටද මනා හයියක් වනු ඇත. මක්නිසාද යත් අකිල යනු වර්ථමාන දේශපාලනයේ
"විශ්වාස කලහැකි" දේශපාලකයෙකි. ඔහුව මහලේකම් කර හරීන් වැනි ජවාධිකයෙක්
වෙත පක්ෂයේ ජාතික සංවිධායකකම ලබාදීමම නව පරපුරක ඇරඹුමක් වනු ඇත.
මේ
අතරේ දළඹුවා මහ පුදුම දෙයක් දැක්කේ නැතැයි...... සෙල්ෆී වයසේ පසුවන කොල්ලෝ
දෙන්නෙක් පාර බලාගෙන පයින් යනවා .. හරිම ආශ්චර්යක්...? මුන්
දෙන්නගේ ඉස්සරහා සාක්කුවේ හොදම ස්මාර්ට් ෆෝන් දෙකකුත් තියෙනවා. ෆේස්බුක් තහනම
නිසානම් මොනවා වුනත් මිනිසුන් වෙනදට වඩා මුහුණට මුහුණ බලලා කථාකරනවා කියලානම්
දළඹුවාට එකපාරටම හිතිණ. මොනවා වුනත් දැන් සංවහණ, එකැක දිශාවට මෝසම් වැහි නැති වුනත් බොක්කේ කැළබීමටහරි
වැස්සක් එන්න ලෑස්තිය.... දවසේ විපරම කොරලා දළඹුවාටත් තෙහෙට්ටුයි. නමුත් සියල්ල මේ
මොහොතේ තේරුම් ගන්නවානම් දළඹුවා මේ කියපුවාත් ඇති.
Comments
Post a Comment