කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)
59 දර්ශණ තලය :
ජෙහාන් හා ප්‍රියන්ත නව නිවසක් ඇතුලත. ජෙහාන් හා ප්‍රියන්ත නිවසේ හිඳිමට අඳින
ආකාරයේ සැහැල්ලු ඇඳුමින් සැරසී ඇත. මෙම නිවස ඉතා නවීන නිවෙසකි. යම් තරමින් මළානික
අඳුරු ගතියක් කාබරය තුල ඇත. රාත්‍රී කාලයක් ඇඟවිය යුතුය. ආලින්දයේ ඉතා අඟනා
සොෆාවකි. ප්‍රධාන දර්ශණ තලය සැකසෙන්නේ මේ තුලය....
ජෙහාන් හා ප්‍රියන්ත
අතර ආලින්දයේ කථා බහකි.
ප්‍රියන්ත : ඈ
අය්යේ මොනාද අය්යේ මේ වෙන්නේ...?
ජෙහාන් : ඇයි
බන්..... මොනවද..? යකෝ කෝ කුඹියෝ
ඉවරත් එකේ.... ලකයි, දමිතයයි තව
වැඩක් කරයි. උඹත් පොඩ්ඩක් ඔය ටෙලි උළෙලවල් ටික ගොඩදාගන්න සපොර් එකක් දීපන් බන්....ITN
එකටත් පොඩි ආතල් එකක්
දෙන්න ඕනනේ බන්..
ප්‍රියන්ත : අය්යා.....
මඟුලක් කියනවා. අය්යා රේල් පාරේ කෙහෙල් හිටවනවා.
ජෙහාන් :
අම්මට...... උඹ දැන් මට Talk issue කරනවා එහෙනම්. ඇයි මට කෙහෙල් හිටවන්න වෙනතැන් නෑ කියලද
හිතාන ඉන්නේ. මල්දෙණිය පච වුනා මතකනේ. (ජේහාන් මවාගත්
කෝපයකින් යුතුව ප්‍රකාශ කරයි)
ප්‍රියන්ත :
අය්යේ කුඹියෝ ඉවරයි..... මට වෙන අවුලක් තියෙන්නේ අය්යේ..... (ප්‍රියන්තගේ
මුහුණට ගැටළුකාරී බවක් ආරෝපණය වී ඇත)
ජෙහාන් : උඹ
වෙලාවකට කරදරයක් බන්....... දැන් මොකද්ද උඹෙ අවුල. කියපන් බලන්න.
ප්‍රියන්ත :
ඇයි අය්යේ රනිල්ට මිනිස්සු බනින්නේ... මෙයා මේ හැටි උගත්නම් අර මුතුහෙට්ටිගම
කියනවනේ අය්යේ පාර්ලිමේන්තුවේ ඉන්න අවුල්ම චරිතේ රනිල් කියලා. මොකද අය්යේ මේ සීන්
එක.
ජෙහාන් : උඹ
හිතන්නේ ඒ ඇයි කියලද ප්‍රියන්ත...!
ප්‍රියන්ත :
මට හිතාගන්න පුළුවන්නම් මම අය්යගෙන් අහනවයැ අය්යේ.... මාර කථා අය්යා කියන්නේ.
හරියට දමිතයා වගේ මගෙන්ම අරන් මටම ඔතලා දෙනවා...
ජෙහාන් :
දමිතයගේ රෙද්ද.... හරි සරළ කාරනා ටිකක් තියෙන්නේ බන්..... උඹලා ඒක දන්නවා. නමුත්
හිතන්නේ නෑ.
ප්‍රියන්ත :
අය්යේ මන් තේ එකක් දාගෙන එන්නද අය්යටත් එක්කම. මට ඔය සීන් එක දැනගන්න ඕනා. (ප්‍රියන්ත
තේ හදන්න පිඅටවෙයි. තේ හදන තැන හිඳ ප්‍රියන්ත ජෙහාන් හා කථාකරයි. ජෙහාන් පුටුවේ
දිඟහැරී කකුල් දෙක තවත් පුටුවක් මත තබාගනියි)
ජෙහාන් :
රනිල්ට ඇයි බනින්නේ කියන එක උඹ හිතාගනින්. මම උඹට සීන් එක කියන්නම්. උඹ දැන් Advance
පොරක්. (ජෙහාන් ප්‍රියන්ත
දෙස බලමින් කියයි....)
ප්‍රියන්ත :
අය්යගෙන් මොනවහරි දෙයක් දැනගන්න ලඟකදී ඉදලා මාර අමාරුයි අය්යේ. මොකද මල්දෙණියගේ
පවස්ද අය්යේ. දැක්කනේ කරපු දේ..... අය්යා අපි නොහිටින්න (ජෙහාන් ප්‍රියන්තට කථාව
අවසන් කිරීමට ඉඩ නොදෙයි)
ජේහාන් : දැන්
උඹමයි කිව්වේ ඒ කථා කුඹීයෝ ඉවරයි කියලා..... ඉවර මඟුල් මොන මඟුලකට එහෙනම් අදින්නේ.
ප්‍රියන්ත :
(ප්‍රියන්ත තේ එක හදාගෙන විත් ජෙහාන්ට දෙයි. ඔහුගේ අතේද තේ කෝප්පයක් ඇත) නෑ ඉතින්
අය්යා ලොකු සීන් දුන්න හින්දා කියවුනේ. කියන්නකෝ අය්යේ..(ප්‍රියන්ත ද පසෙකින්
වාඩිවෙයි....ජෙහාන් තේ උගුරක් බොයි..)
ජේහාන් : රටේ
ඉන්න පොරවල්ලගෙන් රනිල් තමයි ඇත්ත සීන් එක දන්නේ. මිනිස්සු අමතක කරපු ලොකූ සීන්
එකක් තියෙනවා. අපේ රටේ රට පාලනය කරන උන්, උන්ගේ ළමයි ඉඟෙන ගත්තේ පිටරටවල් වල. එකක්
උන්ගේ පන්තිය රැකගන්න. නමුත් රනිල්ගේ තාත්තා මුල්වෙලා තමයි ලන්කාවට විශ්වවිද්‍යාල
ලැබුනේ. රනිල්ගේ පවුල් පරිසරය තුලත් අධ්‍යන වටපිටාවක් තිබුණා. රනිල් හොඳට ඉගෙන
ගත්තා. කොළඹ කැම්පස් එකටත් ගියා. එතන ඉඟෙන ගත්තා. ලංකාවේ කැම්පස් ගිය රනිල් ලංකාවේ
සමාජය හොඳට දන්නවා බන්...
ප්‍රියන්ත : ඒ
වුනාට අය්යේ..... රනිලට ඒවා තේරේන්නේ නෑ කියලනේ මිනිස්සු කියන්නේ...
ජෙහාන් :
මිනිස්සු මොනවද බන් දන්නේ. තුන්වේලට මොනයම්ම හෝ දෙයක් කරලා උන්ගේ බඩ පිරේනවානම්
ලංකාවේ 60% 70% ක්ම ගොඩ...
උන්ට ඕනා එච්චරයි.
ප්‍රියන්ත :
අය්යේ කැම්පස් එකේ හිටියා කියලා මිනිහෙක් පොරක් වෙන්නේ නෑ අය්යේ.... ඕක අය්යලගේ
අධි මානසිකත්වය.
ජෙහාන් :
(ජෙහාන් අසුනෙන් නැගී සිටියි...... ප්‍රියන්ත ලඟට යයි.) යකෝ ලංකාවේම මිනිස්සුම
ඉන්නේ, මේ සමාජයේ හැම
සමාජක්ම ඉන්න සජීවී මිනිසුන් ගැවසෙන එකම තැනයි. ඒ කැම්පස් එක..... ඒකයි ඒකට ඉංග්‍රීසියෙන්
University කියලා
කියන්නේ. තව තැනක ඉන්නව මිනිස්සු හැම ජාතියේම එකෙක්ම ඉන්න තැනක්. ඒ හිරේ... උඹයි
මමයි හිටියේ. උඹට තේරුනාද..? රනිල්ට මේ
සමාජය ගැනත්......., රටේ
මිනිසුන්ගේ ප්‍රශ්ණ ගැනත් අවබෝධයක් තිබුනා. නිදහස් අධ්‍යාපනය කන්නකර මහත්තා ගෙනාවට
මේ රටේ අධ්‍යාපනයේ සැබැම වෙනස කලේ රනිල්.
ඊට පස්සේ දෙයක් කලානම් කලේ අකිල. ඒක වෙනම ආතල් එකක්. එයා ගැන දැන් අහන්න
එපා. ඒක තව හැදෑරිය යුතු චරිතයක්.
ප්‍රියන්ත :
අය්යා රනිල් ගැන කියන්නකෝ...( ප්‍රියන්ත ජෙහාන්ගේ අතේ තිබ්බ හිස් කෝප්පය ගන්නා
ගමන් කියයි) මම අය්යා වගේ ඕවා දැනගන්න කැම්පස් ගියේ නෑනේ අය්යේ..
ජෙහාන් :
රනිල් මීට අමතරව රටේ පාලනය, මාද්‍ය ගැන
එයාගේ තාත්තගෙනුත්, අම්මගෙන් මේ
රටේ පවුල් වල හැසිරීමත්, විශ්විද්‍යාල
පරිසරයෙන් රටේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්ණ ගැනත් ඉඟෙන ගත්තා, ඒ වගේම ශාන් අය්යගෙන්
අනාගත තාක්ෂණය පිළිබඳවත් යම් යම් දේවල් ඉගෙනගත්තා. ඒ සියල්ලට අමතරව රනිල් ආර්ථික
විද්‍යාව ගැන ගෞරව උපාධියක් ලබාගත්තා. අනිත් උන්ගේ දරුවෝ පිටරට ගිහින් නීතීය
ඉඟෙනගෙන එද්දී රනිල් නීතී උපාධ්යත් ලබා ගත්තා. ඇත්තෙන්ම රනිල් කියන්නේ මීටරයක්
බන්....
ප්‍රියන්ත :
එහෙම නම් ඉතින් පොරක් තමයි......
ජෙහාන් :
කොහොමහරි මෙහෙම ඉඟෙනගෙන ආපු රනිලව එයාගේ මාමා පාවිච්චී කලා.....
ප්‍රියන්ත :
අය්යේ... එතකොට ඒ සීන් එක ඇත්තද...?
ජෙහාන් : මොකද?
ප්‍රියන්ත :
පාවිච්චී කරපූ සීන් එක.....
ජෙහාන් : ඇයි
උඹට හිරේ මතක් වුනාද ? එහෙම පාවිච්චියක්
නෙවෙයි ගොනෝ.... ( ජෙහාන් හඬනඟා සිනාසෙයි.... ප්‍රියන්ත ජේහාන් දිහා ලැජ්ජාශීලීව
බලා හිදියි.) නෑ..... බන්..., ජේ.ආර්.
ලොක්කා රනිල්ගේ මොළේ පාවිච්චී කලා 77 විප්ලවය කරන්න. ඒ නිසා තමයි ඒ ආණ්ඩුවේ තරුණ කටයුතු
ඇමතිකම ලැබේන්නේ. රනිල්ට ඔය පාවිච්චිය ගැන කථාකියන උන් දන්නේ ටිකයි..... රනිල්ට මේ
රටේ තරුණ කටයුතු ඇමතිකම ලැබෙද්දී රනිල් විජයට වඩා ලස්සනයි. කොළඹ නෙවෙයි යන යන
තැන්වල කෙල්ලෝ වහ වැටුනා. රනිලට එදා ඉදලම දැක්මක් තිබුණා. රනිල කැපවුනේ රට
වෙනුවෙන්. ජාතික තරුණ සේවා සභාව ඇතිකරලා මේ රටේ විප්ලවයක් කලා. අධ්‍යානයට ධවල පත්‍රිකාව
ගෙනල්ලා රනිල් පට්ට වෙනසක් අධ්‍යාපනය ඇතුලේ කරන්න ගියේ. පේමදාස ජේ.වී.පී. එක ලව්වා
ඒක යටපත් කලා. අන්තරේ උන් ප්‍රේමදාසගේ හයියෙන් ඒ වැඩේ කලා. එදා ඒ වෙනස කලානම් මේ
රටේ අලුත් පරපුරක් හැදෙනවා. ඒක උනානම් පේමදාසගේ පුතා දේශපාලනය අහිමියි. ප්‍රේමදාසගේ
ඔළුවට මේක දැම්මේ සිරිසේන කුරේ. සිරිසේන කුරේ කියන්නේ ප්‍රේමදාසගේ ලේ උරුමයට
මිනිහගේ ලේ කලවම් කරපු කෙනෙක්. ඒ මේ රටේ මිනිස්සු යම් ප්‍රේමානයක් දන්නවා. නමුත්
ප්‍රේමදාසගේ හීන බාබූවා නැතිකලා. ඒකත් සිරිසේන කුරේගේ වැඩක්. සජිත් කියන්නේ
අජාසත්ත කෙනෙක්. ප්‍රේමදාසට එරෙහිව ගාමිණී, ලලිත් දෝෂාභීයෝගයක් ගෙනාවා. ඒ දෝෂාභීයෝගය අක්‍රීය
කලේ රනිල්. රනිල් දැක්කා ප්‍රේමදාසට නෙවෙයි පක්ෂයටයි මේ කැරැල්ල එන්නේ. ඒක පක්ෂ
අනාගතයට කැළලක්. මේකට ප්‍රේමදාස රනිල්ගේ දේශපාලනයට ප්‍රේමදාසගේ බලපෑම් මුළුමලින්ම
නැතිවීමක්. සිරිසේන කුරේ අන්තිමට ප්‍රේමදාසට ගේම දුන්නා........ (මෙතෙක් වෙලා එහා
මෙහා යමින් කථාකල ජෙහාන් නැවත අසුන් ගනියි......) උඹට මොකද හිතෙන්නේ..... (ප්‍රියන්ත
හිස සොලවමින් ජෙහාන් අනුමත් කරයි.)
ප්‍රියන්ත :
ඔව් ඒක හරියි...... නැත්නම් ඇයි හැම වේලාවෙම ලඟ හිටපු මිනිහා මැයි රැළිය් ඉන්නේ
නැත්තේ...... අය්යා හරි.
ජෙහාන් :
එතනින් තමයි බන් අවුල තවත්වැඩි වෙන්නේ. සිරිසේන කුරේ ප්‍රේමදාසගේ ලේ වලින් මිනිහගේ
ලේ පක්ෂයට ගෙනාවා..... ඕන්න පක්ෂයේ හෙණහුරා. සිරිසේන කුරේ මේ සජිත් හරහා රනිල
විරෝධි කැරැල්ල පටන් ගන්නවා. ඔය අතරේ ඒ වනවිට මහින්දගේ දේශපාලන සිතියම කියවූ
සිරිසේන කුරේ මුලින්ම චන්ද්‍රිකා සහබාගීකරගෙන රනිල්ගේ ප්‍රතිරූපයට එරෙහිව දැවැන්ත
ක්‍රියාන්විතයක් දියත් කලා. චන්ද්‍රිකා මේක බාරදුන්නේ මංගලට. මංගලට Sex අවුලක් තිබුණා. මිනිහා
ඒක පුළුවන් තරම් වැහැව්වා.නමුත් මංගලට මේ වැහිල්ල එපා වුණා. කොහොමත් මේ සීන් එක
නිසා ලොකු සමාජ කැළලක් එල්ල වන නිසා එය සමාජගත කිරීමට හා රනිල්ගේ දේශපාලන ප්‍රතිරූපය
බිඳහෙලීම එහි මූලීක උවමනාවට සිය පෞද්ගලික උවමනාවත් කැටිකරලා මංගල රනිල්ට ඔය කථාව
ක්‍රේට්කලා. ඒකට් පාවිච්චී කලේ රනිල් විසින් යොවුන් පෙරමුණ ආරම්භ කරමින් ඔහූ
සොයාගත් අකිලවයි..... ලංකාවේ මිනිස්සු අනුන්ගේ ලිංගික කුණු තරම් ආසාවෙන් රස විඳින
වෙන යමක් නොවන බව මේ වනවිට මංගලට මේ දේවල් වලට උදව්කල රුවන් ෆර්ඩිනෑන්ඩ්ස් උදව්
කලා. මංගල ඒ වෙනුවෙන් රුවන්ට වෙබ් සයිට් කිහිපයක් පවත්වාගෙන යන්න උදව් කලා.
ප්‍රියන්ත : ඒ
කියන්නේ.....? (ප්‍රියන්ත
විශ්මයකින් හා යම් කිසි අපුලකින් ජෙහාන් දෙස බලා ඉදියි)
ප්‍රියන්ත :
මේවා මේ ලංකාවේ ඉතිහාසයේ ලියවෙනවා ප්‍රියන්ත...... පොතක, පිටුවක නොවුනට ලියවෙනවා.... ඒකයි මම කියන්නේ
මේ ලොකේ මොනවා දෙකවල් තිබුණත් ඇත්ත තුල දෙකක් නෑ කියලා කියන්නේ . ඒක ඇත්ත බන්. මම
මේ දැනුත් ඒක කියනවා. මේ රටේ මිනිස්සුන්ව අල්ලන්න රොකට් සයන්ස් ඕනා නෑ බන්......
රටේ සාමන්‍ය මිනිස්සු එක්ක ගහන ගේම්වල ආතල් එකක් නෑ..... ඒක නිකන් මිනිහෙක් අන්දලා
ලීස් එකක් දානවා වගේ..., රක්ෂණයක්
දානවා වගේ.... ජරා පෝර නොමිලේ දෙනවා වගේ... සමුර්ධි තියෙන මිනිස්සුන්ව සූරාගෙනම
තමන්ගේ කුණු රැස්වීම්වල ඔළු පෙන්වන එකට වැඩිය ආතල් එකක් තියෙන වැඩක්. ගේම් යන්නේ
මේ රටේ 10% ක් 12% පොරවල්ලගේ සමාජයේ.
මේක හරිම කුණු ගොඩාක්. මම ඒකයි මගේ ගේම ඔය 10% 12% අතරේ ගහන්නේ. ඒකේ ආතල් එක මාරයි බන්.... එක
පොස්‍රරයෙන් දෙකෙන් මංගලගේ මේ ගේම් එක දිණුවා. නමුත් අකිලත් 2005 දී පාර්ලිමේන්තුවට
ගියා. රනිල් අකිලව දිනෙව්වේ නෑ..... නමුත් ගේම් එක කියලා දුන්නා. අකිල ඒ විදිහට
කලා. අනික සිය ජීවීතය ඇතුලේ අකිලලා ගොඩනඟාගත්තු විශ්වාසයක් තිබුණා.... රනිල් විපක්ෂය තුල ඉදිරියට යන්න ඕනා පිරිස
හදාගත්තා. රනිලට ඕනා ඕනා වෙලාවට රනිල් චරිත ගෙනාවා. නමුත් ඔහූ අත දුන්න බොහෝ දෙනෙක්
ඔහුගේ අත හපා කෑවා. බුද්ධික පතිරණ, ශීරාල් ලක්තිලක, දයාසිරි ජයසේකර, වගේ තව ගොඩාක්
ඉන්නවා. නමුත් රනිල්ව අවබෝධකරගත්තු යම් පිරිසක් ඔහු ලඟ රැදූන අතර සමහර ගේම් කාරයෝ
ටිකකුත් රනිල් වටා එකතු වුණා.
ප්‍රියන්ත :
අය්යේ පබාව ගෙනාවෙත් රනිල් ලොක්කා නේද?
ජෙහාන් : පබා
නෙවෙයි සරත් ෆොන්සේකා හමුදාපති කෙලෙත් රනිල්. මහින්ද රනිල් ගැන දන්නවා. රනිල්ට
මහින්ද ගොඩාක් ගේම් ගහලා අම්බානකට පචවෙලා ඉන්නේ. රනිල් කට ඇරියොත් මහිනදට මිනිස්සු
ගල් ගහන එක මහින්ද දන්නවා. නමුත් මංගල රනිලට ගේමක් දුන්නා. අන්න ඒ නිසා තමයි රනිල්
මංගලව තමන් ලඟට ගත්තේ. රනිල් දන්නවා මංගලව තමන්ටත් ප්‍රයෝජනවත්වෙන බව....
ප්‍රියන්ත :
අය්යා කියන කථා හරි කියමුකෝ...... එතකොට රනිල් චන්ද පරාද වුනේ කොහොමද ? රනිල් වැඩ්ඩනම් අය්යව
දම්මලා මල්දෙණිය ගැහැව්වා වගේ ගේමක් ගහන්න හිතුනනේ...... ඇත්ටටම අය්යේ ලකා කුඹීයෝ
ගැන කියද්දී මල්දෙණිය ගැන මගේ ඔළුවේ ඇදුනේ රනිල් ලොක්කව. මම ලකාගෙනුත් ඇහව්වා....
දමිතයගෙනුත් ඇහැව්වා...( ප්‍රියන්ත ජෙහාන් දෙස බලා හිඳියි...)
ජෙහාන් : (ප්‍රියන්ත
දෙස තියුණු බැල්මක් එකවරම යොමු කරයි...) ඉතින් උන් මොනවද කිව්වේ.......
ප්‍රියන්ත :
උන් මේ ලොකේ ජීවත්වෙන උන්ද අය්යේ......... දමිතයගේ මොළේ කරවෙලා තියෙන්නේ....
ජෙහාන් : ඉතිං
කියහන්කෝ උන් කිව්ව දේ මළ උලව් කියවන්නේ නැතිව....(ප්‍රියන්ත නිහඬව
ඉදියි......ජෙහාන් ප්‍රියන්ත දෙස තරමක කෝපයෙන් බලයි....) ඉතිං කියහන්කෝ.....
තෙපරබාන්නේ නැතිව....
ප්‍රියන්ත :
(ජෙහාන්ගේ වචන ටික නිසා මඳක් පසුපසට වෙයි.....) අය්යට ඉතින් අපි කථාවට ඇඩ් දාපුහම
අමාරුයි...... අය්යගේ කථාවල ඇඩ් විතරනේ අය්යේ. කථාවේ එක ඇබිසෝට් එකක්වත් නෑනේ.....
ජෙහාන් : උඹ
එහෙමද කියන්නේ........ මට නිදිමතයි. ( වේලාව බලයි........ ) ඒයි ප්‍රියන්ත දැන් 12.30.
මේ වේලාවට ඇඩ්
තියෙන්නේ ටෙලිසීන් තමයි.....උඹ ටිකක් ඒ ඇඩ් බලලා බඩ ටිකක් අඩුකර ගනින්....මම යනවා
නිදා ගන්න. ( ජෙහාන් ඇඟහිරි කඩමින් නැඟී සිටියි. අනතුරුව ප්‍රියන්තට කින්ඩි
හිනාවක් දාලා ඇතුලට යයි.....
ප්‍රියන්ත :
එහෙනම් අය්යේ හෙට කියන්න.....( ප්‍රියන්ත ජෙහාන් යන දිහා බලමින් කියයි..... )
ජෙහාන් :
බලමු.......
මතු සම්බන්ධයි
Comments
Post a Comment