"බඩගින්නට වස නොකව්..... "

අද දින පහත සඳහන් සත්‍ය හෙළිනොකරන්නේනම් නැවත එය කියා පලක් නොමැත. එහෙයින් මේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස "ශ්‍රීලාංකීය ජාතිය" පිළිබඳව මෙන්ම රටේ ආර්ථිකය, දේශපාලන හා සමාජීය නිදහස වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන දැවැන්තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය ලෙස දළඹුවා විශ්වාස කරන හෙයින් වර්ථමාන අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙනඑන අද දින දළඹුවා මෙය කිව යුතුමය. නමුත් පැහැදිලිවම මෙම විශ්වාස භංගයෙන් විශ්වාසය බංග කරගන්නේ එය ගෙනඑන අයම වීම විශේශීතයි. එය සිඳුවන විදිහ දළඹුවා වෙනම කියන්නම්. නැත්තන් ඕන්න ඔහේ ඕයාලටම ඒක මේ ඉදිරි සති දෙක ඇතුලත එය දිඟහැරේවී......

එක්සත් ජාතික පක්ෂයට් නෙවෙයි සමස්ථ ශ්‍රී ලාංකීකයන්ට කුමන්ත්‍රණ ඉතිහාසයක් ඇත. නමුත් මේ රටේ සාතිශය බහුතරයකට එය අමතකය. පෘතූගීසී එළවන්න, ලන්දේසී ගෙනාපූ, ලන්දේසී එළවන්න ඉංග්‍රීසීන් ගෙනාපූ මේ ලෝකේම ඉන්න පට්ටම ජාතිය අපිය. ඒ ගැන කිව්වොත් දළඹුවාට ගහක කොළයක් විකාගෙන....., විකාගෙන.... යන්න හිතෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේද එක්සත් ජාතික පක්ෂයේ අටපහ නොදත් වලව්කාරයෝ කීපදෙනෙක් හා ගිරිවාපත්තුවේ හිටපු තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසී හා සිංහල රජවරුන්ගේ නම් කවලමට දාපූ සුළු මුළාදෑනීවරයෙක්ගේ එහෙමත් කුමන්ත්‍රණයකි.......පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නේද මොවුන්මය. එක්සත් ජාතික පක්ෂය නිර්මාණයට වීමට පෙර ඊට මුල් සාකඡ්චා වට පැවැත්වෙන විටද කුමන්ත්‍රණ කරුවන් බොහෝ සිටියහ. නමුත් මේ කථාකරන්නේ ඒ ගැනනම් නොවෙයි.වර්ථමානය ගැනයි.....
එක්සත් ජාතික පක්ෂයට සුවිශාලම හානිය කලේ වෙන කවුරුවත් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස දිවංගත ජනාධිපතිතුමාය. පොඩිමිනිහා වෙනුවෙන් යමක් කලත් පක්ෂයේ ඔහූ ඒ තුල පක්ෂයේ මූලයන්ට විශාල හානියක් කල අතර දෙවෙනි පෙළට වගකීම් ලබානොදුන්නේය. එයට එරෙහිව එදා ලලිත්, ගාමිණි ඔය විදිහටම දෝෂාභියෝගයක් ගෙන එන විට එය වළක්වා පක්ෂය එදත් ආරක්ෂා කලේ අද පක්ෂය ආරක්ෂාකරන රනිල් වික්‍රමසිංහම තමයි. නමුත් ප්‍රේමදාස කල හානීයට පසුව මුහුණදෙන්නේ රනිල් වික්‍රමසිංහයන් වේ. අප ඇඳ වැටෙන්නේ 1995 වර්ෂයේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙනි. ඉන් යහග්‍රණය කරන චන්ද්‍රීකා 1996 එක්සත් ජාතික පක්ෂය පරාද කර මේ රටේ ආණ්ඩුබලය ලබාගන්නීය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පරාදයේ නියමුවා රනිල් නොව රණසිංහ ප්‍රේමදාස බව අද දළඹුවා දිව්රා කියමි. එදා පක්ෂයට නව ආරම්භයක් ලබාදීමට තමයි රනිල් වික්‍රමසිංහ යොවුන් පෙරමුණ හදන්නේ.ඒ වෙන දයකට නොවෙයි මේ රට තුල එක්සත් ජාතික පක්ෂයේ අනාගත පරපුර නිර්මාණය කිරීමටයි. නමුත් එකී යොවුන් පෙරමුණේ එහි පළමු,දෙවෙනි ජාතික නිළවරණ සමඟම වර්ථමානය දක්වා ඇදෙන පක්ෂය තුල රනිල්ට විරුද්ධ කැරැල්ල නිර්මාණය විය. එහිදී සිරීසේන කුරේ වැන්නවුන්ගේ පාදඩ සිහිනයක් එළියට පැමිණියේය. එනම් ප්‍රේමදාස කුමාරයා බෞතිස්ම කිරීමයි. විජයපාල මෙන්ඩිස් වැන්නවුන්ද මෙහි යාවජීව කොටස් කරුවන් වේ. ප්‍රේමදාස කුමාරයා නොහොත් සජිත් ප්‍රේමදාස ඉන් අනතුරුව මෙම මෙහෙයුමට සෘජුව හෝ වක්‍රාකාරව දායක විය.
නමුත් එදා පටන් අද දක්වා රනිල් වික්‍රමසිංහ පක්ෂය නොබෙදාගෙන ආරක්ෂා කරනු ලැබිණ. සමහරු බෙදන්න බැරිතැන වෙන්විය. එන් එකෙකි මෛත්‍රී ගුණරත්න නොහොත් කුරුඳුපොලූ බයිට් එක.... නැත්නම් මෛත්‍රීගේ පදයට, ශීරාල්ගේ තාලයට, සිරස වගේ පාඩද මාධ්‍යතුල නිතර දකින මුස්පේන්තුවා. මෛත්‍රී වික්‍රමසිංහ හා ඔහුගේ පියා විසින් එදා UNP එක දෙකඩ කරන්න මහිදගේ උවමනාව ඉටුකල සුවච කීකරු ගෝලයන්. හොඳ අලි ජවය තියෙන කොල්ලෝ කීපදෙනෙකුගෙන් කුරුඳු පොලූ සත්තම ලැබුණත් එයිට වඩා මහින්දගේ කුට්ටිය ලොකු වුණ නිසා තවමත් ඔවුන්ගේ අමාරුව සුව නොවුණ අතර යම් දිනයක දළඹූවාටනම් හමුවුනොත් හොදවයින් අමාරුව හොඳකරන බවට මෙයින් දන්වමි.....

(වැඩිදුර දැනගැනීමට මෙම Link වෙත යොමුවන්න)

සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා කරන්න ඔහූ මෙම පක්ෂයට කල කී දේ කුමක්ද? ඔහු එක් චන්දයකවත් වගකීම ගෙන එක් මැතිවරණයකදීවත් පක්ෂය දිනවා තිබේද? නමුත් ඔහු පිටුපස කුමන්ත්‍රණකරුවන් පිරිසක් ඇත. සිරිසේන කුරේ, විජයපාල මෙන්ඩිස්, මෛත්‍රීපාල සිරිසේන, මෛත්‍රී ගුණරත්න, එදා සජිටව වහ කඳුරු වූ නමුත් අද දිව්‍ය ඉසිවරයා වී සිටින තිස්ස අත්තනායක සමඟ කීලී මහරාජා හා දුමින්ද සිල්වාට නිදහස යන කෝන්දේසිය මත රේනෝ ද සිල්වා කටයුතු කරයි. (තව අය ඇත) එමෙන්ම මහින්ද පාලනයේ අවස්ථා කීපයකම සජීත්ගේ කුමාර සිහිනයෙන් මහින්දගේ දෑත් ශක්තිමත් විය. ඒ සියල්ල කුමන්ත්‍රණ වූ අතර ඇතැමුන් ඉන් මල්ල සරුකරගත් අතර සජිත් පක්ෂය බිඳුවා නමුත් පක්ෂය අතැර නොගියේ ඉදිරි සැලසුම් වෙනුවෙනි.
එහි තවත් එක් කොටසක් 2018-02-10 රඟ දැක්විණ. මෙම මැතිවරණයේදී පක්ෂයේ උප නායකයා කැපවිය යුත්තේ එක් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් විතරද? සජිත් හම්බන්තොටින් හෙළවුනානම් ඒ ඔහූගේ හිතවතෙකුගේ රැස්වීමක කථාවක් කිරීමටය. ඒකත් සජිත්ගේ අද ගජමිතුරන්ගේය. බුද්ධික පතිරණ ඉන් එකෙකි..... නමුත් ඒ සියල්ලත් පරාදය..... සජිත් පසුගිය මැතිවරණය ජහග්‍රහණය පිණිස නොව ඔහු කටයුතුකලේ පරාදය පිණිසය. එය සත්‍යයකි......
එසේනම් පක්ෂය මෙවර පරාජය කලේ තවත් එක් දැවැන්ත කුමන්ත්‍රණයකිනි. එයට හේතුවක් විය. රනිල් මෙම මැතිවරණය ජයග්‍රණය කලානම් ඔහූ ඊලඟ ජනාධිපතිවීම වළකිණු නොහැක. අන්න ඒ නිසයි එක්සත් ජාතික පක්ෂයේ හිතවතුනි සජිත් එක්සත් ජාතික පක්ෂය පරාද කරන්න රහසිගත්ව කුමන්ත්‍රණය කලේ.
එසේනම් දළඹුවා එක් ප්‍රශ්ණයක් නඟමි.... එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ මඟින් කල යුත්තේ එම පක්ෂය පාවාදුන්න, පක්ෂයට නායකයාට එරෙහිව කැරළි ගැසු රටේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ අපේක්ෂාවන් කුණු කොල්ලයට ඇඳ දැමූ අය අයට නායකත්වය ලබාදීමද, පක්ෂයත් ,පාක්ෂිකයාත් ආරක්ෂාකල නායකයා යටතේ නායකත්ව පරපුරකට ඉඩ දීමද? නොඑසේනම් සිඳු වන්නේ එක්සත් ජාතික පක්ෂය තුලින් තවත් මහින්ද වැනී චෞරයෙක් නිර්මාණයද? අනෙක 2020 දී තියා සජිත් ප්‍රේමදාසට මේ රටේ කිසිඳු රාජ්‍ය නායකයා තේරීමේ චන්දයකින් ජයගත නොහැක. ඔහූගේ පසුගිය කුමන්ත්‍රණ තොරතුරු මිටි පිටින් විරුද්ධවාදී වෙත ඇත.
කල යුත්ත කල හැක්කේ එක්සත් ජාතික පක්ෂ පාක්ශීකයාටය....... දළඹුවා ඕන්න කිවයුත්තක් කිව්වා. ඒක ජනගත කොරගන එක ඔය නෝනාවරුන්ගේ, මහත්වරුන්ගේ වැඩක්. අපිට ඡන්ද නෑ නොවැ..... අපි කොළයක්, දල්ලක්කාලා ජීවත්වන උන්....

Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)