
"චරත භික්ඛවේ චාරිකන් බහු ජන හිතාය බහු ජන සුඛාය " දළඹුවා බණ කියන්න යනෝ...... කියලා හිතන්න එපා. අපේ හාමුදුරුවන් වහන්සේලා දළඹුවාට අනුකම්පාවෙන් වදාරණු මැනවි. දළඹුවා වදවීගෙන ගිය සතෙක්ගෙන් යාන්තමට ශේෂ වු එකෙක් ඌවත් රැක ගන්න එපැයි නේද ? අහිංසක එකානේ.පව්.... දළඹුවා දෙසා බාන්න යන්නේ මොකද්ද කියලා තෙරෙනවානේ. මොකද පහු ගිය ටිකේම දළඹුවා වන්දනාවේ ගිහින් වගේ. ඉන්නෙම දඹුල්ලේ. ඇත්තටම තවත් දඹුල්ලේ. හාමුදුරුවොත් දළඹුවාව දඹුල්ලෙන් පිටත් කරන්නේ නෑ වගේ. මොකද බුදුන්ගේ වදන් උන්වහන්සේලාට නොතේරෙන නිසා. දළඹුවාට මේ වගේ වෙලාවට මතක් වෙන්නේ අනගාරික ධර්මපාලතුමාව. ධර්මපාල චරිතය පොඩ්ඩක් කියවන එක ස්වාමීන්වහන්සේලාටත් හිතෙනවා නම් හොදයි කියලා දළඹුවාට හිතෙනවා. මේ කෝන්තර පහකරගත යුතු අවස්ථාවක් නෙවෙයි. මොකද මෙයින් සිදුවෙන්නේ අප හාමුදුරුවන් වහන්සේලා හා පන්සල් සම්බන්දව වැරදි ආකල්පයක් ඇතිවීමයි. ඒ වගේම මේ දඹුල්ල ප්‍රශ්ණය මත සිහින මාළිගා මවාගත්තු තෙවන , සිව්වන පාර්ස්ශවයන් ඉන්නවා. අපේ හාමුදුරුවන් පෙර එකට චීවරේ ඇදන්ඉදලා අද වෙනකොට චීවරේ අතහැරලා කුටුම්භ රකින කිහිපදෙනෙක් හා ම.ස.අ. විසින් දුෂණ ව...