උරුමය වෙනුවෙන් අකිල පෙරට.....

උරුමය වෙනුවෙන් අකිල පෙරට.....

(Link එක පළමුව අද්‍යනය කරන්න)

2015 ජනවාරී මස මෙරට තුල සිදුවූ වෙනස කුමක්ද කියා අද අසන සියල්ලටම හොදම පිළිතුර අමාත්‍ය අකිල විරාජ් බව කිව යුතුමය. මෙවන් භාවිතාවන් තුලින් ඔහු විදහා දක්වන්නේ එයයි. මෙතරම් විශාල ජාතික ධනයක් එක් විහාරස්ථානයකට. එයනම් ශ්‍රී ලන්කාවේ හොදම වාණීජමය ස්ථානයක්මය. 


දඹුල්ල යනු ලෝක උරුමයකි.  ඉහත තත්වයන් පිළිබඳව සාක්ච්ඡාවක් පවත්තිදීත් මහාචාර්ය වර්නර් ස්මිත් වැන්නවුන් පවා මතු පරපුර වෙනුවෙන් දඹුල්ල ලෙන් විහාරයන්, එහි සිතුවම් හා පිළිම වහන්සේලා  සංරක්ෂණය කල යුතු බවට ප්‍රකාශ කරද්දී අපේ හාමුදුරුවන්ගේ අනුදැනුම මත පුරාවිද්‍යා හා ම.ස.අ. හි නිළදාරීව 2017-06-25 වන විට දඹුල්ල විහාරයෙන් ඉවත්කලේ මොන බලතල මතද? යම් හෙයකින් මේ ලෝක උරුමයන් වෙත මෙවැනි අවස්ථාවක හානියක් සිදුවුවහොත් වගකියන්නේ කවුද? අප නායක හාමුදුරුවනී ජාතික උරුමයන් සමග සෙල්ලම් නොකරන්න.  
සත්‍ය වු කලී කොතැනත් කිව හැකි දෙයකි. ආයතන අදාල ආයතන වාර්ථාකරන පරිදි මේ ඒකරාශී වන ආදායම පන්සලකට කුමකටද? රටේ ජාතික උරුමයක් ලෙස එය ආරක්ෂාකරමින් මතු පරපුරට මේ උරුමයන් සංරක්ෂණය කිරීම මේ යුගයේ ඉටුකල යුතුම ජාතියේ වගකීමකි. ඒ වෙනුවෙන් පෙනී සිටීම සිදු කල යුතුම පුද්ගලයා ලෙස අද්‍යාපන හා සංස්කෘතික අමාත්‍යතුමා මෙම තීරණය ගන්නේ උන් වහන්සේලා බැහැදැක උන්වහන්සේලා විසින්ම යෝජනාකල කල කරුණු සලකාබලා එය ඉටුකීරීමටය. 
මොකද්ද හාමුදුරුවනේ මේ හදිසි අනවබෝධය. 
  • දේශපාලන වුවමනාවක්ද ? 
  • තිරයෙන් පිටුපස සිටින බෙල් පරපුරද ? 
  • දූෂීත නිළධාරීන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පෙනීසිටීමත්ද? 
  • නැත්නම්  ව්‍යයාපාරික අවශ්‍යතාවයක්ද ?

 ඔබ වහන්සේ පවා මේ සියල්ල කෙරෙහි නිසි අවබෝදයක හිද මේ අකාරයට වෙනස්ම මතයන් ඉදිරිපත් කිරීම මත ගරු ස්වාමීන්වහන්ස අපි ගිහියන් ලෙස කුමක් කියන්නද? අප තිලොගුරු බුදුරජානන්වහන්සේගේ ධර්මයට හා ගරුතර සංගරත්නයට ගරුකරන්වා. ඒ ඔවදන් හිස්මුදුනින් පිළිගන්නවා.නමුත් ඇයි “ඇත්තට “ඉඩ නොදී ගැටළු ඇතිකර නිසි කටයුතු ඉටුකිරීමට ප්‍රමාදයන් ඇති කරන්න උත්සාහගන්නේ. 
දඹුල්ල විකිණීලා ඉවරයි. 
ඒ උරුමය කළමණාකරණයට රජයට ඉඩ දෙන්න.මේ ජාතික උරුමයන් මතු පරපුර වෙනුවෙන් සුරක්ශීත කරන්න ඉඩදෙන්න. අයිතිය පිළිබද ප්‍රශ්ණයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ලාංකීය සංස්කෘතිය , ආගම ධර්මය වෙනුවෙන් බුද්ධිමතුනි, සමාජ මත දරන්නනි, ජනතාවනී එකතුවෙන්න. මේ සම්බන්ධව නිවැරදි සමාජ කතිකාවක් ගොඩනගන්න එක්වන්න. 
(Link එක අද්‍යනය කරන්න)

අප එක්විය යුත්තේ සත්‍ය වෙනුවෙනි. අකිල ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික දේශපාලකයෙක් නොකරන ,නමුත් කල යුතු දේ වෙනුවෙන් ඉතාම භාරධූර කටයුත්තකට අතගසා ඇත. 
ආගමීකව අපිට දර්ශණයක් තියෙනවා. නිර්මළ බුදු දහම ආරක්ෂා කල යුතුයි වගේම නිර්මළ ථෙරවාදී බෞද්ධ දර්ශණය ලොවපුරා ප්‍රචාරය කල යුතුය. ශ්‍රී ලංකාව තුල විසිරී තියෙන අපේ උරුමය ලොවට දායාද කල යුතුයි.වැළළී ගිය අපේ උරුමය මතුකර සමස්ථ ලෝකයටම හඬගා කිව යුතුයි අපගේ ශේෂ්ඨත්වය. වෙනත් ජාතීන් දඩයමේ යද්දී අප ධාන්‍ය අහරට ගත්, විළිවහගත්තු, ජනාවාස ගොඩනගාගත් ජාතියක්, මිලේඡ්චත්වයෙන් මිදුන් ජාතියක්. අප අපගේ එවන් ශේෂ්ඨත්වයන් මතුකරගැනීම වෙනුවෙන් කැපවිය යුතුය.
ගරු අධ්‍යාපන අමාත්‍යයතුමනි ඔබගේ දැකම පැහැදිලියි. ජාතියක් ලෙස එක්ව ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ ඔවදන් වලින් යුක්ත ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගිය යුතු යුගය එළෙඹ ඇත...අපගේ උරුමයන් මතු පරපුරවෙනුවෙන් දායාද කීරීම වෙනුවෙන් ගල් මුල් නොතකා හඬක් නැගීමට පෙරට ආ ඔබතුමන්ට ජාතීයේ උත්තමාචාරය.......!




Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)