කලි යුගයේ නිළධාරී වන්දනාව හා පන්සලේ කරුණාව..

කලි යුගයේ නිළධාරී වන්දනාව හා පන්සලේ කරුණාව..


අප මහා තිළොගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ උන් වහන්සේගේ එදා වගේම අදත් උන්වන්සේගේ බැතිමතුන් "අපොයි" කියන තීරණයක් ගනු ලැබිණ. ඒ උන්වහන්සේ ආයුෂ්නීමරණය සිදුකිරීමයි. නැතහොත් "පිරිනිවන්" පෑමයි. අප බුදුරජානන් වහන්සේගේ බැතිමතෙක් ලෙස දළඹුවාටද පෙර දවසක පෙර කී හුදී ජනතාවට හැගෙන සිතුවිල්ලම ඇතිවිණ. නමුත් පසු කාලයකදී බුදුන්ගේ එම තීරණයට හේතූවන කරුණු කිහිපයක් අනාවරණය විය. එනම්, වර්ථමානයේ මිනිසුන්ට බණ කියන ගරු ස්වාමීන්වහන්සේලා දානයකට පෙර Menu cards එවීම එවැනී එක් කරණකි. දළඹුවා ඕනවට වැඩිය උඩ බලා කෙළගහගන්න කැමති නෑ. ඒ නිසා ඒ කරුණු ඔතනින් නිමා කරමු ඒක දළඹුවාටත් ,චීවරයටත් දෙකටම හොදය.
පහුගිය කාලයේ අකාර්යක්ෂම පාලනයක් පැවතී හා දූෂණය හා නාස්තිය ඉහවහා ගිය ආයතනයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මද්‍යම සංස්කෘතික අරමුදල දැක්විය හැක. මෙහි නිළධාරීන්ට එක්වු දේෂපාලඟයින් නටපු ඩෙගා පාර දළඹුවාටද ගෙනාවේ ඔක්කාරයයි. සීගීරිය ව්‍යාපෘතියට අදාලව " අප්සරාව" නම් සාද නිකේතනයක් පැවති අතර මේ ස්ථානයේ මුදලට ගෙනා ව්‍යාශාවන්ගේ සිට ආයතනයේ සේවක සේවිකාවන් වගේම, රැකියා ලබාදීමේ මුලික සුදුසුම ලෙස නිරුවත් වූ ප්‍රදේශයේ තරුණියන්ට සිදු වු බව තතු දත්තෝ දළඹුවාට වාර්ථා විය. මෙහි ඩෙගාපාර දේශපාලඟයින්ට වඩා හොදින්ම නැටුවේ නිළධාරීන්ය. නිළධාරී ආයතන මුදල් වලින් වගේම තමන් වවා ගත් මුදල් ගස් කිහිපයකින් මෙම බාල්නැටිලි සදහා වියදම ලැබිණ. මත්පැන් බෝතල් සමහරදාට සංචාරක මාර්ගෝපදේශකයින්ගෙන් ලැබුන අතර කෑම හා අනෙකුත් දෙවල් ඇතැම් සංචාරක හෝටල් වලින් හා සංචාරක තැරැව්කරුවන්ගෙන් ලැබිණ. මෙවැනි බාල්නැටිලි අළුයමවනතෙක් පැවැති බවට පුරාවිද්‍යා ක්ෂ්ත්‍රයේ තතු දන්නෝ ප්‍රකාශ කරනු ලැබිණ. මේ එවන් බාල් නැටිල්ලකදී මදුවිත වැඩිවී සංචාරක තැරැව්කරුවෙක් වැමැරුව කරුණක්ය. ඒ අනුව දළඹුවාගේ මහ එකා කියලාදීලා තියෙන විදිහට ලංකාවේ හොදම ආදායම් ඉපයීම් වන දොස්තරවරු, නීතීඟයින් හා ව්‍යායාපරිකයින් ට එහා සුපිරිතම ජොබ බවට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ තනතුරුබව දළඹුවා ප්‍රත්‍යක්ශ කර ගත්තේ ඒ කථාව ඇහුවයින් පසුවය.
අපේ ලොකු හාමුදුරුවෝ ලොස් නෑ…. අපේ පුරාවිද්‍යා මහත්තරුන්ගේයි, සංස්කෘතික ත්‍රීකෝණයේ මහත්තරුන්ගෙයි සල්ලී ටික මාසේ පළවෙනි සිකුරාදා වෙද්දී Bank එකට දානවා. අඩුවෙන්ම දාන්නේ පුරාවිද්‍යා එකේ මුරකාරයෙක්ට, ඒකත් කියන්න රුපියල් විසිපන්දාහක්......." මේ තැරැව්කාරයාගේ හඬයි.
ඊට පිළිතුරු දෙන්නේ ටිකක් පදම පැදුණ පුරාවිද්‍යා සහකාර අද්‍යක්ෂකවරයෙක්ය.
"යකෝ බොරුකියන්නෙපා පියා.....හාමුදුරුවෝ ඔහොමද යකෝ සලකන්න ඕනේ. දවසකට ලක්ෂ 40ක් 50ක් අනිවාර්යෙන්ම හොයනවා. අපේ අයට ලක්ෂ 50ක් දුන්නත් යකෝ එක දවසක අදායමනේ.....නොදන්න මගුල් කියවන්න එපා බං..." වෙරිමතින්හරි කිව්වේ ඇත්තය.
මෙම නිළදාරියාට ලක්ෂයට එහා ගෙවන බව අනතුරුව හෙළිවිය.
"සර් එහෙම කියන්න එපා. Midia අයටත් ගෙවන්න එපැයි. අනෙක ඔබතුමාට හාමුදුරුවෝ ලක්ෂ එක හමාරට වැඩිය ගෙවනවානේ. අනෙක ඔඅබතුමාට දඹුල්ලේ අපේ සමිතියෙන් පොඩි ගතමන්ට් එකක් එනවා, සීගීරියේ,දඹුල්ලේ, පොළොන්නරුවේ Guid ලත් සර්පොර්ට් එක දෙනවා. එතකොට ----- හාමුදුරුවෝ දෙන ගාණ අමතකද? කාපුපතේ රෙනවා කියන්නේ ඕවට තමයි මහත්තයා...." ඒ කථාව නිමවී දින දෙකකට පසු අදාල සහකාර අද්‍යක්ෂකවරයා වෙනත් පළාතකට මාරුකල බව දළඹුවාට කියද්දී වැඩිදුරටත් කියැවිණ.
මීට වැඩිය කථාව කියන්න දළඹුවා උත්සාහ ගන්නේ නැත. මේ තත්වය හොදින් හැදිනගත යුත්තේ මෙරට සාමාන්‍ය ජනතාවමය.තමුන් දුක්මහන්සියෙන් හරිහම්බ කරන් සිය දරුවන්ට පවා නොදී ඉස්තරම්ම හිස් මුදුනේ තියන් ගිහින් පන්සලට සුදු පිරිවැට එළා අපේ හාමුදෘවන්ට පුදන අතර අපේ හාමුදෘවන් රුපියල් කෝටී ගණන් දිනකට අතපත ගානබව නොදැනය. එඑම අප ගෞරවණීය ස්වාමීන්වහන්සේලා මෙවන් අකටයුතුකම් වලට පොළඹවා ඉන් වාසිය උපයන්නේ මෙරට දුෂිත නිළධාරීන්ය. කලි යුගයේ නිළධාරී වන්දනාව හා පන්සලේ කරුණාව හේතූවෙන් අප තිලෝගුරු බුදුන්ගේ බණ පද වලට හානිනොවිය යුතු හෙයින් දළඹුවා මේ වෙනුවෙන් තව දුරටත් හුළඟට කන්තබා ගමී.


Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)