දඹුල්ල කථා වස්තුව මංගල නා හිමිගේ රචනයෙන්

දඹුල්ල කථා වස්තුව

මංගල නා හිමිගේ රචනයෙන්



දළඹුවා දඹුල්ලේන් පිට වෙන්න ලැහැස්ති වෙද්දීම අපේ හාමුදුරුවන් කට ඉස්සර කර ගත්තා නොවැ. ඉදින් මොනවා කරන්නද ? කියන්නම වෙනවා. අවසරයි එහෙනම් දළඹුවාට අපේ හාමුදුරුවනේ....... ඔබ වහන්සේලා ගැන කියන්න තියෙන බොහෝ දේ දළඹුවා කිව්වේ නෑ. ඒකට හේතුව ඔබ වහන්සේලා බුද්ධ පුත්‍රයන් වු නිසයි.
ඔය ඉහත තියෙන්නේ පුදුම වැය කිරීමක් ගැන. දළඹුවාට සිය අධෝමාර්ගයෙනුත් හිනා. දඹුල්ලට දිනකට ලැබෙන ආදායම ඇති වසරකට ඔය ස්වාමීන්වහන්සේලා ටික වෙනුවෙන්. මොකද රජයෙන් වෙනම් මුදලක් පිරිවෙන්වල ඉගෙන ගන්න අපේ හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් රජයෙන් ගෙවනවා. ආගමික නිදහස සඳහා වූ ව්‍යාපාරයෙන් පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ දේවහූවේ චන්දානන්ද මහ නා හිමි, හීනටියේ සමිත නා හිමි, මාගල්කඩවල පුණ්‍යසාර නා හිමි තිදෙනා අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ ප්‍රකාශය අකුලා ගන්නැයි කියමින්, අස්ගිරි පාර්ශවයේ අඳනකඩෙත් ගලවමින් ඉහත කී හෙළිදරව් ඉදිරිපත් කල අතර එහිදි උන් වහන්සේලා වැඩි දුරටත් ප්‍රකාශ කලේ විනයධර භීක්ෂුවකට තිබිය යුත්තේ සැතපෙන තැනයි, වතුර කළයයි, පොල්කටුවයි, මිටි පුටුවයි පමණයි යනුවෙනි.(උපුටා ගැණිම http://www.lankaenews.com/news/5982/si)මැද මාවතේ හිද දළඹුවා හාමුදුරුවන්ගේ ලිපිය කියවද්දී අපුරූ තැනක් දැකගත හැකි වුණා.ආයෙමත් අතනින්ම හිනා පිටවුණ අතර දළඹුවා වටපිට බැලූවේ අහල පහල හූදී ජනයෙක්වත් ඇති දෝ සිතා.

හාමුදුරුවන් පැත්ත වෙනස් කොරන්න යන බව පැහැදිලියිනේ. ඇත්තටම දළඹුවා මේ විස්තරේ හොයන්න දඹුල්ල පැත්තේ ඇඩ්මිට් වුනෙත් අපේ හාමුදුරුවන්ගේ පළමු මාද්‍ය සාකච්ඡාවට කලින්. මොකද දඹුල්ල සංචාරක ප්‍රවේශපත් ගැටළුව යම් කාලයකසිට නැවත සාකච්ඡාවට භාජනය වු හෙයින්. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් අපේ හාමුදුරුවන් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා අපේ ඟානසාර ස්ථවිර ගැන අභිධර්මය දේශණාකල අපේ අස්ගිරි‍යෙ හාමුදුරුවන් වහන්සෙලා පඳුරට විද්දේ හාවාට එල්ලය සකසාය. මොකද දඹුල්ලේ සංචාරක ප්‍රවේශපත් අලේවි කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ගැනීමට අදාල ලියවිල්ල අදාල විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනෙට්ටුවට ඉදිරිපත් කීරීමට යන වග ඒ වනවිට අපේ හාමුදුරුවන්ගේ උපාය දූතයන් වෙත වාර්තා වී තිබුණ අතර එයට අදාලව උන් වහන්සේලාගේ සතරකන් මන්ත්‍රණ, සිව්කන් මන්ත්ත්‍රන කිහිපයක් ඒ වන විට දඹුල්ල ආශීතව පැවත්වූ බව පැහැදිලිය. එහෙයින් අස්ගිරි මහා සංඟ සභාව රජයට සිය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර මෙම ප්‍රවේශපත් ගැටළුව දඹුල්ල තුල ඇතිවී තිබු බව අපේ හාමුදුරුවන් නොදැනීම හා අපේ හාමුදුරුවන්ට තමන් වහන්සේම පසුගිය දිනවල කල ප්‍රකාශ අමතකවීම මත දළඹුවාට මංගල හාමුදුරුවන්ගෙන් දේශපාලන පුසුඹක් වහනය වෙමින් පවතී.

මංගල හාමුදුරුවන් ගැන දළඹුවාට දැනුණ පුසුඹ දැන්නම් පැහැදිලිය. මේ තුලින් අපේ හාමුදුරුවන් වහන්සේලාට රජය ගැන අප්‍රසාදයක් ඇතිකරවීමට මංගල හාමුදුරුවන්ට හෝ උන්වහන්සේ විසින්  පේනී සිටින පිරිසට අවශ්‍යය. අද එවැනි අප්‍රසාදයක් රජය කෙරෙහි ඇතිකරලීමට අවශ්‍යතාවයක් පවතිනබව එකී පාර්ශවය ඇතිබව පැහැදිලිය. අන්න ඒ නිසා තමයි දඹුල්ල ටිකට් ප්‍රශ්ණයට දළඹුවා මෙතරම්ම ගේමට බැස්සේ. මොකද පරණ අවතාරවලට නැවත් හොල්මන් කරන්න ඉඩ දෙන්න බෑ.
අමතක වීමේ රෝගය වැළදී ඇති අපේ හාමුදුරුවන්ට තව බොහෝ දේ මතක් කීරීමට සිදුවේ.
ඇත්තෙන්ම අපේ හාමුදුරුවන්ට මොකද්දෝ අසනීපයක් වැළදී ඇති බව දැන් දැන් පැහැදිලිය. මොකද දිනකට විදේශීකයින් 250-300 අතර ප්‍රමාණයක් පමණක් දඹුල්ලට පැමිනෙනවායි කීම දිනකට නොව පැයකට කීවානම් හාමුදුරුවෝ තක්කෙටම නිවැරදි බව දළඹුවාට වැටහුනේ මේ දින කිහිපයේම දළඹුවා දඹුල්ලේම ඇඩ්මිට්ව හිටිය නිසාය. දිනකට සංචරකයින් 1500-2500 ත් අතර විදේශ සංචාරකයින් ප්‍රමාණයක් පැමිනේන බව හාමුදුරුවන්ගේ ප්‍රකාශය ඇස ගැටුන ගමන්ම අපේ දඹුල්ලේ Guid අය්යා කෙනෙක්ගෙන් දළඹුවා විමසූ අවස්ථාවෙදී දැනගැනීමට හැකි විය. අනේ අපෝයි අපේ හාමුදුරුවනේ........! සාසනේ හා බුද්ධ භාවිතාව.දඹුල්ල වදින්න ගිය වයසක උපාසිකාවකගෙන් ඇහැව්වොත් මේ ප්‍රශ්ණය ඇය කියාවී " යකෝ පුතේ මොන 250 හද, බැලු බැලු අත සුද්දෝ ,සුද්දියෝ අනේ අපොයි අපේ සාසනේ " ලෙස. දළඹුවාට දැන්නම් හිනාවෙන්න තැනක් නෑ. පස්සෙන් හිනා වුනත් මෙච්චර පුළුවන්ද? දළඹුවා අසරණ වු මොහොතක්.....
දඹුල්ලේ චිත්‍ර සංරක්ෂණය, පිළිම සංරක්ෂණය, ලෙන් විහාර අභ්‍යන්තරයේ බිත්ති හා බිම සකස් කිරීම ආදී වශයෙන් අති බහුතර කාර්ය්‍යන් ප්‍රමාණයක් එතෙක් මෙතෙක් ඉටුකර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ම.ස.අරමුදල විසින් බව තතු දත් ආරංචි මාර්ග දළඹුවාට හෙළිකරනු ලැබුන.එසේම 2017-02-21 ක එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පොලිස්පතිට යොමුකල ලිපියක සදහන් වන්නේ " මෙම කාලයතුල විහාරාධිකාරය විසින් ලෙන් විහාර සංවර්ධන කටයුතු සදහා ලබා දෙන ලද්දේ රුපියල් 280000.00 ක් පමණි" යනුවෙනි. එසේනම් දළඹුවාට ප්‍රකාශ කල හැක්කේ දඹුල්ලේ පන්සලේ ආදායම අපේ හාමුදුරුවන් හා අනෙකුත් හාමුදුරුවන් වහන්සේලා 60 නම සමග වළදා ඇති බවයි. දළඹුවාට මේවා ඇහෙද්දී කියන්න තියෙන්නේ " අපේ හාමුදුරුවන් වහන්සේලා මාරම මාර අනුඹ්හවයක් " කර ඇති බවයි. 
මේවාට මොනවද කියන්නේ මොනවද හාමුදුරුවනේ. දළඹුවා උනත් දන්න සිංහලෙන් මෙහෙම කියන්නම්. "ඔබ වහන්සේ හොරකම් නොකලත් ඇයි හොරුන්ව ආරක්ෂා කරන්නේ . එකෙනෙකට නොගැළපෙන මුසාවාද ඇද බා බුද්ධ චීවරය අපවිත්‍ර කරන්න එපා හාමුදුරුවනේ" . අපේ හාමුදුරුවන් චීවරය දමාගෙන මේ මෙතෙක් රටේ ධනය කොල්ලකාපු හොරු සුරකින්න පසුව තීරණය කරන්නේ ඇයි ? දළඹුවාට මේ රටේ ජීවත්වෙන සතෙක් විදිහට එහෙම අහන්න අයිතියක් තියෙනවා. මොකද මේ අපි කාගෙත් උරුමයයි.

අන්තිමට දළඹුවා මේ සියල්ල කියවලා මෙහෙම අහන්නම් "හාමුදුරුවනේ ඔය අරමුදලේ තියෙන්නේ මාස හතරක ප්‍රවේශ පත්‍ර අළෙවිකල ආදායමනම්හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමා ප්‍රකාශකර ඇති පරිදි පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරිම්ට වියදම්කර තිබෙන්නේ රු.280000.00 ක් නම් අනෙකුත් මුදල් බහිරවයෝ ගිල්ලද" කියලයි.
දඹුල්ලේ ප්‍රශ්ණය එළිපිට ප්‍රකාශකර ඇමති අකිල මේ රටේ දේශපාඟයෙක් නොකල කැපකිරීමක් කර ඇත. ඔහුට ඒ ලකුණ හිමිකර දිය යුතුය. පසුගිය කාලයේ පන්සල් සමග සම්බන්ද වෙමින් පන්සලේ බාල් නැටුව නායකයින් මේ මුදල් වලින් යහමින් හරිහම්බ කර ඇත. අන්න ඒ නිසයි මේ දෙවල් රටට එළිකිරීම ප්‍රමාද වුනේ. මා ඇමති අකිල ගැන එක් උපකල්පනයක් කරන්නම්........එනම්,
" අකිල විරාජ් කාරියවසම් යනු මෙරට දේශපාලන, ආර්ථික හා සමාජ භූමිකාවේ අනාගත හැරවුම් ලක්ෂය වනු ඇති බවයි" . ඔහු වෙනුවෙන් පෙනී සිටීම මේ මොහොතේ රටට ආදරයක් ඇති අයෙක් වේ නම් කල යුතු බවයි.

Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)