හැප්පෙනවානම් හැප්පෙමු..... ඔව් අප සුදානම්.....!

දළඹුවා ඉතාම අහිංසකය. කාටවත් කරදරයක් නොමැත. 
නමුත් දළඹුවා ගෑවුනොත් මිනිසුන්ව කහන්න පටන් ගනීවී. ගෑවුණ ගෑවුණ තැන කහන්න පටන් ගනීවී. අන්න ඒක සකල ලෝක වාසීන්ම අවබෝධ කරගෑනීම දළඹුවාට වගේම කාගේ කාගේත් සෞඛ්‍යයට හිතකරය. මේ දකිද්දී කෙනෙක්ට හිතෙයි දළඹුවා වසක් විෂක්වත් ගහලද කියලා. නෑ දළඹුවා මේ සියල්ල ලියන්නේ ඇත්ත සිහියෙන් හා බුද්ධියෙන්. එක දළඹුවෙක්ව විනාස කරන එක සුළු දෙයක්. නමුත් තව දස දහස් ගණනක් දළඹුවන් බිහිවේවී. ඒ හැම එකාම සමහර මිනිසුන්ව හොදට කස්සවාවී.........
දළඹුවා යනූ ප්‍රතිපත්තියක් වෙනුවෙන්, මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන සිටින එකෙක්. ඒ නිසා තමයි ජනවාරී 08 එක් ඒකාධිපතියෙක් හා ඒකාධිපති පවුලකින් හා ඒකී පවුලෙන් ගිලිහුණ මස්කටු ලෙව කෑ දඩයම් බල්ලෝ රැලකින් රටත්, අනාගත පරපුරත් බේරා ගන්න ගොඩනැගෙමින් පැවතුන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට කොන්දේසී විරහිතව සහයෝගය දුන්නේ. බෝහෝ එකාලට ඒවා අමතක වී ඇතිමුත් දළඹුවාට එදා වෙන්න තිබුන දේ කුමක්ද කියා ඉවක් තිබූණා සේ දැන් වෙන්නේ මොකද්ද කියන දේ ගැනත් හොද ඉවක් තිබේ.

දැන් නම් බොහෝ ඔස්තාර්ලා වැහිවැහැලා හිටියට ඔකුන් බොහෝ ප්‍රමාණයක් හිටියේ කොහෙද?, කලේ මොනවද කියලා දළඹුවා හොදට දන්නවා. ඒ නිසා ජනාධිපතිතුමාලගේ ඉදන් පහළට බොහෝ අයට කියන්නේ ඔයාලගේ ජරා දේශපාලනයක් වෙනුවෙන් නෙවෙයි එදා ගරු නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පක්ෂ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පිළිගෙන එක්සත් ජාතික පක්ෂය මහින්ද මහතාව ගෙදර යැව්වේ. අද ගරු ජනාධිපතිතුමා මැරිළා ඉපදීලාද ? අඩු තරමේ මෛතී මහතා ජනාධීපති කරන්න ඔය කියන එකෙකු චන්දයවත් දුන්නද? මොකද්ද කල කැපකිරීම.ඒ සියළු දෙනාගේ ප්‍රතිපත්තිය වුනේ මහින්දගේ මේ රට කොල්ලකන ක්‍රියාවලිය අනුමත කරමින් තමනුත් දෙයක් හොරා කා මේ රට බංකොලොත් කිරීමය. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ සරම පස්සට වෙලා කලේ ඒ ටිකයි. මේ රටේ එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ඒ හොරුන්ට දඩුවම් දෙන ඉල්ලා සිටින විට ඒවා කල නොහැකි වුනේ ඔවුන්ගේ මේ ඊනීයා ලැදි බවයි. ඒකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ "තෝරූ මොරූ අල්ලන්නේ නැතිව ,හාල්මැස්සන්ව අල්ලන්න එපා "කියලා . හැබැයි එතනදි ජනාධිපතිතුමා පිළිගත්තා එතුමා සමග ඉන්නේ හාල්මැස්සෝ කියලා. අද ඒ හාල්මැස්සන්ම එතුමට කොකුම් පානවා. ලැජ්ජයි...!
ඒ විතරක් නෙමෙයි අගමැතිතුමා අයින් කරන්නලූ. කොහෙන්ද මේ තක්කඩි රැලට ජනාධිපතිතුමනී එහෙම හය්යක්. ඔබතුමත් බලයට ආවේ 20/20 යන්න. ඔයත් 20/20 නොගියොත් අපි ඔබතුමාවත් යවනවා. නම්බු පිටින් යන්න ඕනනම් අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගත් එකගතාවයට අනුව කටයුතු කරන්න. ඒයාලා ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි අපිට වැදගත්. ඔබතුමා එයාලට කියලා දෙන්න මොකද්ද වුනේ කියන එක. ඔබතුමා එක්සත් ජාතික පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන සමග ඇතිකරගත් තීන්දු සමග කටයුතු කරන්න. එහෙම නැතිව රනිල්ගේ ප්‍රතිපත්ති වලට බිය , ඊනීයා මාද්‍යකාරයෝ පිරිසක් රෙද්ද අස්සේ දාගෙන උන්ට ඕන අකාරයටයි මහින්දගේ ඩබල් ගේම් කාරයින්ටයි ඕන විදිහට වැනෙන "පඹ සිරෙක්" වෙන්න එපා. 
ජනවාරී 08 වෙනිදා පසු වී, 09 වෙනිදට එළිවෙද්දී වෙද්දී මහින්ද කොළඹ වටලා අවසන්. පැහැදිලි කුමන් කුමන්ත්‍රණයක් දියත් වී තිබිණ. මෛයිත්‍රීපාල සිරිසේන මහතා අද ඔය කියන අඩි ගණන් යට ඉන්න හිතාගෙන කුරුණෑගල පොල් වත්තකට වෙලා හිටියේ ඒ මොහොත වෙනකොට. එතුමගේ ආරක්ෂාව පවා අවධානයෙන් එක්සත් ජාතික පක්ෂ නායක වර්ථමාන අග්‍රාමාත්‍යයතුමන් හා පක්ෂ යාන්ත්‍රණය විසින් සකසා තිබුණි. 

මහින්ද විසින් අධම ඒකාධිපතියෙකු විලසින් ලේ වැගිරීමකින් හෝ බලය තබා ගැනීමට වෙහෙසෙද්දී ඔය අද ජනාධිපතිතුමාගේ පස්සා පැත්තේ හැංගිලා ඉන්න ගෝතයෝ ටික හිටියේ "කෙසේ හෝ බලය තබා ගන්න බුදු මහින්ද මහත්තයෝ" සේ පවසමිණි. එදා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියපු හා පිටුපස අනාගත සිහින කුමරු ලෙස ඔටුණු පැළදවීමක් හීන දකිමින් හිටපු එ.ජා.ප. බලවතුන්ගේ එහෙයියන් පවා ජනවාරී 08 ඡන්දය දුන්නේ මහින්දට. මොකද මේ සියල්ලෝ මහින්දගෙන් පොෂණය වුණා. ගමේ ඉන්න ශ්‍රී.ල.නි.ප. ඇට්ටගේ බැට්ටගේ පටන් මහතැන මහ එවුන් දක්වා මහින්දගේ දූෂණ කටයුතු වලට දායක වුණා. ඒකයි ඇතැම් පාරවල් පිටින් වැස්සෙන් ගහගෙන ගියේ. ඒකයි කදුනාය ගියේ. මේ දුෂනයන්ගේ වැඩ කියන්න එක නිදසුනක් කියන්නම් , එනම් මේ වනකොට පොලිසියේ නියෝජ්‍යය පොලිස්පතිවරුන් තිදෙනෙක් මහ උළුගෙදර කල්දේරම් බත අනුභව කොට ඇත. ඇතැමුන් ජීවීතාන්තය දක්වා සිරගෙට නියමව අවසන්ය. සමහරු මහින්දගේ අනාගත විජිතයේ පොලිස්පතිවරු පවා වීමට හීන දැක ඇත. මොවුන් එදා මහින්දට එක්ව මොනවා නොකරන්න ඇත්ද? රනිල්ගේ පාලනය එපා කියන ටී.බී. එදා සිගීරී ආලකමන්දාවේ හොද අභිසරු ජවනීකා රග පා ඇත. ජීනා මැඩම්ගේ සුරතලාත් මෙයා. ඇතැම් චීවරධාරීන් සමග එක්ව ගල උඩ බිව්ව, කෑව ඒවා ගම්මු දන්නවා ටිකිරිබණ්ඩා. ඔය කියවන කාට කාටත් කියන්න දේවල් අපි ලග ඕනා තරම් තියෙනවා. අපිට කරන්න වැඩ ඇති නිසා ඔය ජනාධිපතිතුමාගේ නැට්ටේ එල්ලුන සුරතලුන්ගේ කෙරුවාවල් අපි කියව කියව ගියේ නෑ.නමුත් එහෙම හිටියට හිතන්න එපා අපි මුකුත් නොදැන ඉන්නවා කියලා.
 මෙහෙම දෙයක් තියෙනවා. ඔය අද මෛයිත්‍රී ජනාදීපතිතුමා වටා කැරකෙන වුන්ගේ තරම මේ රටේ සිවිල් සමාජයේ ඇස් අන්ධ නොවිච්ච පිරිසක් දැක්කා. අද ඒකාබද්ධ විපක්ෂයේ ඔය ගිරිය පුප්පන් කෑ ගහන පප්පලාගේ තරම වගේම මහින්දට දොහොත් මුදුන් දී මහින්දගේ ගූ මාර රසට අනුභව කරපු අද ජනාධිපතිගේ සරම පිටිපස්සේ හැංගීලා එතුමගේ කකුලට චූ කරලා, තටමලා අශූචී අරන් ආණ්ඩුව පුරා ගාන මලපෙරේත ගන්ධබ්බයෝ රෑන එදා සාඨකය අස්සේ හැංගිලා කලෙත් ඔය දේමයි. බයට මහින්දගේගේ කකුලේ චූ කරන්නනම් ගියේ නෑ. නමුත් ආතල් වැඩිවෙලා ඉබේ රෙවෙන ගු මහිදගේ කකුල් දිගේ පෙරෙද්දී එවා දිව ඔසු පරිදි ලෙවකෑවා මුන් රැල හොද හැටි. සියළු මාධ්‍යයන්ට අල්ලස් ලබා දී රටේ ජනතාවගේ ජනමතය ගණිකා වෘර්තියේ යෙදෙව්වේ මිනිසුන් සියල්ලෝ මෙරට මුද්‍රීත(පත්තර) හා විද්යුත් මාද්‍යයන් (Tv , Redio) විසින් 95% ක්ම මහින්දට යටවී හෝ ඔහු සමග එකගෙදර කමින් හිටියේ දූෂිතවය. ලංකාවේ මාද්‍යකරුවන් මහින්ද රාජපක්ෂ පැළැන්තිය විසින් සමුහ දූෂණය කර විළිවහගන්න විදිහක් නැතිව මත්වෙලා සිටියහ. එවන් මාද්‍යකට තමයි රනිල් වික්‍රමසින්හ මහතාගේ අවශ්‍යතාවය මත  විළිවහගන්න රෙදි මෙන්ම සිය රාජකාරීය නිසි ලෙස කරන්න අවස්ථාව ලැබුනේ. එසේ ජීවිතේ බේරලා ආයෙම ආත්ම ගරුත්වය ලබා දුන්නද ඇතැමුන්ට එය තේරුම්ගත නොහැක. නැතහොත් ඒ දූෂණය උන් දැන් හුරුවෙලා. ඒ වගේම තව පිරිසක් මහින්ද පාලනය සමග වේසකමේද යෙදුන අතර ඔවුන් තමයි රනිල්ට වැඩියෙන්ම ගහන්නේ. ටිරාන් අලස්, JC රංගා, සුධර්මන් රදලියගුරු, නිරෝෂන් ප්‍රේමරත්න, ඩලස් අලහප්පෙරුම වැන්නවුන් හොද නම ගිය ඩීලස්ලා වේ. මේසේ නම නොගිය ඇතැම් වේසකමේ යෙදුන පිරිසක් අද යහපාලන ඇමතිලා එක්ක ප්‍රේමයෙන් වෙළි ගොස් ඇත. මේ සුරූපිනියන්ගේ වචන වලට, වේසා හැසිරීමට , ලස්සනට දෑස් නිල්කරගත්තු එ.ජා.ප. බලවතුන්ද ඇත. අන්න ඒ සූ සැට මායම් වලට අහුවෙච්ච අපේ මහතැන් වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් වටහාගත යුතු වේ. වහ වහා නායකත්වය ශක්තිමත් කල යුතු වේ.

අවසානයක් ලෙස කිව දළඹුවාට කීමට ඇත්තේ මෙහෙම කථාවකී. මේ රටට ආදරයක් තියෙන මිනිස්සු මේ රටේ ඕනතරම් ඉන්නවා. මේ රටේ පාලකයෙක්ට රට දියුණු කීරීමේ සැලසුමක් පවතින්නේනම් ඒ රනිල් වික්‍රමසින්හ මැතිතුමාට වේ. ඒ බව පිළිගත්තු මිනිසුන් පිරිසක් එතුමා වෙනුවෙන් කටයුතු කරනු ඇත. මේ අය රනිල් වෙනුවෙන් ශ්ළොක,ස්ත්‍රොත නොකිව්වට ඔහු වෙනුවෙන් කටයුතු කරනු ලබයි. ඒක රනිල් දන්නවායැයි දළඹුවා නොසිතයි. මේ අවුලද ඒ නිසයි. වෙන කාට නැතත් මේ ධනාත්මක පිරිස රනිල්ට මේ වනවිට ඇම්බැට්ටයෝ පහරද්දී ගැටළු ඇතිවේ. ඒ නිසා ඔහුන්ගේ පොදු මතය මෙසේ දළඹුවා විසින් සමාජගත කරමි..
" අපේ අනාගත පරම්පරාව මේ රටේ ජීවත්වෙනවාද නැද්ද තීරණය වන්නේ මෙවර රනිල්ගේ සාර්ථක අසාර්ථක තත්වය මත වේ. නමුත් පෙරපරිදී කාළකණ්නීන් කිහිපදෙනෙක් එක්ක බාහිරව හෝ අභ්‍යන්තරව ක්‍රමන්ත්‍රණය කර රනිල් වැට්ටුවොත් 2001-2004 වගේ කරඹා සිටින්නේ නැත. එහෙයින් අප සිරූවෙනී. මේ සිරුවෙන් සිටින්නේ මේ රටේ බලය වෙනස්කල පිරිසක්. හැප්පෙනවානම් ....හැප්පෙමු. "

Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)