එක්සත් ජාතික පක්ෂය තවත් උප නායකයෙක් කැඳවීම කල යුතුය....
එක්සත් ජාතික පක්ෂය තවත් උප නායකයෙක් කැඳවීම කල යුතු නොවේද?
පහුගිය කාලේ වෙන කෙරුන දේවල් අහලා, දැකලා දළඹුවා හිටියේ හරියට ඔතපු සූස්තීපාරක් වැදිලා වගේය..... ජනාධිපතිතුමානම් මාරම ආතල් එකක් දෙන්නේ. පරණ අය වගේම එතුමා බලය වෙනුවෙන්, තමන් වෙනුවෙන් ඕනම පඳුරු කථාවකකට ඔහු සුදානම්ය. අතකින් එය අතීශය ලැජ්ජාශීලීය. නමුත් ඔහු වටා සිටින චක්‍රය විසින් ඔහුව ගිල ගනිමින් හිඳියි. රනිලුත් ඔහු අතහැර දමලානම් ඔහූ වල්මත්වනු නොඅනුමානය. දළඹුවාට සූස්තීපාර වැදිලා සාස්තර කියනවානම් නෙවෙයි. මිනිස්සුන්ට නොඇසෙන්න මිනිසුන් ලඟ ඉන්නවිට දළඹුවාට ඕනාතරම් දේ සමාජය තුල කියන, කරන දෑ ඇසී ඇත. දැක ඇත. මිනිස්සු කථානොකරන්නේම රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැත. අන්න එතනයි ඔහුගේ අභාග්‍යය නිර්මාණය වන්නේ. ඔහුව අහලා, දැකලා කරන දේ විමසලා තේරූම්ගත යුතු චරිතයකි.... TNL තහනම නින්දාසහගතය. ඉවසීම කෝ...... රනිල් සමඟ මෛත්‍රී පුස්සෙකි.
පහුගිය කාලේ වෙන කෙරුන දේවල් අහලා, දැකලා දළඹුවා හිටියේ හරියට ඔතපු සූස්තීපාරක් වැදිලා වගේය..... ජනාධිපතිතුමානම් මාරම ආතල් එකක් දෙන්නේ. පරණ අය වගේම එතුමා බලය වෙනුවෙන්, තමන් වෙනුවෙන් ඕනම පඳුරු කථාවකකට ඔහු සුදානම්ය. අතකින් එය අතීශය ලැජ්ජාශීලීය. නමුත් ඔහු වටා සිටින චක්‍රය විසින් ඔහුව ගිල ගනිමින් හිඳියි. රනිලුත් ඔහු අතහැර දමලානම් ඔහූ වල්මත්වනු නොඅනුමානය. දළඹුවාට සූස්තීපාර වැදිලා සාස්තර කියනවානම් නෙවෙයි. මිනිස්සුන්ට නොඇසෙන්න මිනිසුන් ලඟ ඉන්නවිට දළඹුවාට ඕනාතරම් දේ සමාජය තුල කියන, කරන දෑ ඇසී ඇත. දැක ඇත. මිනිස්සු කථානොකරන්නේම රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැත. අන්න එතනයි ඔහුගේ අභාග්‍යය නිර්මාණය වන්නේ. ඔහුව අහලා, දැකලා කරන දේ විමසලා තේරූම්ගත යුතු චරිතයකි.... TNL තහනම නින්දාසහගතය. ඉවසීම කෝ...... රනිල් සමඟ මෛත්‍රී පුස්සෙකි.
( මෙම පහත සඳහන් ලිපිය එය අවදාරණය කරයි. උපුටා ගැනීම ලංකා ඊ නිව්ස් වෙතිනි.)
ඊනිවුස් වාරණයෙන් පසු ආණ්ඩුව ටීඑන්එල් රූපවාහිනියට අත තැබුවා..! ටීඑන්එල් සීල් තැබීම මෙන්ම ලංකා ඊනිවුස් වාරණයද වහා අකුලාගන්න - ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.07, ප.ව.7.20) ටීඑන්එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තැබීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කිරීම ගැන නෛතික මුහුණුවරක් පෙන්වීමට උත්සාහ කළ ද එය දේශපාලන කාරණයක් මුල්කරගෙන කළ මාධ්‍ය මර්දනයක් ලෙස අපි සලකමු.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති ලේකම්වරයාය. මෙය ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයකි. පසුගිය ජනාධිපතිවරණය සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබා දුන් නීති විරෝධී නියෝග හරහා මුදල් අවභාවිත කළ බවට ද චෝදනාවක් එල්ල වූ අතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු ජනාධිපති ලේකම්වරයා මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ද වරදකරු විය. මෙවරද ටීඑන්එල් විකාශනාගාරයට සීල් තැබීමට හේතුව ද එවැනි නීති විරෝධී නියෝගයක් බව අපගේ විශ්වාසයයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැවැති පළමු මාධ්‍ය හමුවේ සිට රාජපක්ෂ රජයෙන් ජනමාධ්‍යයට එල්ල වූ බලපෑම් ගැන කතා කළේය. මාධ්‍ය නිදහස ලබා දෙන බවත්, සාධාරණ විවේචනයන්ට ඉඩ දෙන බවත් පුන පුනා කීවේය. ඒ සියල්ල හුදෙක් අන් රජයන් සේම ලබා දුන් බොරු ඡන්ද පොරාන්දු බව පෙන්වමින් ජනමාධ්‍ය සංවිධාන විරෝධය දක්වද්දී පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයා මුලින්ම පියවර ගත්තේය.
පසුගිය දශකයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලටද එල්ල වූ බලපෑම් ගැන සොයන්නට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ජනමාධ්‍ය සංවිධාන අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් එවැනි කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. එසේම පසුගිය වකවානුවේ පීඩාවට පත් මාධ්‍යවේදීන්ට වන්දි පිරිනැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවද වත්මත් රජය බලයට පත්වී වසර තුනකට අධික කාලයක් ගත වුවද ලැබුණු වන්දියක් නැත.
නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සාගල රත්නායක මහතා 2016 නොවැම්බර් 19 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2006 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13කි. පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 87කි. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් ගණන 20ක් වන අතර ජනමාධ්‍ය ආයතන පහක් ප්‍රහාරයට ලක්වී තිබේ. මේ අතුරින් තවමත් විමර්ශන ආරම්භ වී ඇත්තේ මාධ්‍යවේදීන් පස් දෙනකු සම්බන්ධ විමර්ශන පමණි. විශේෂයෙන්ම ඝාතනයට ලක්වූ දෙමළ ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එකදු විමර්ශනයක්වත් අවසානයක් කරා ගෙන යාමට විමර්ශකයන්ට නොහැකි වී ඇත්තේ විවිධ ක්‍රමවලින් විධායකය හරහා ලැබෙන බලපෑම් බව අපේ විශ්වාසයයි.
හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියකු පහර දෙනු ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශනයක්වත් නොකළ ආණ්ඩුව, පහරකෑ මාධ්‍යවේදියා වෙනුවට නාවික හමුදාපතිවරයා ආරක්ෂා කළේය. එපමණක් නොව නාවික හමුදාපතිට උසස්වීමක් හා සේවා දිගු කිහිපයක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ජනමාධ්‍ය ප්‍රජාවගේ දැඩි විරෝධය මධ්‍යයේය.
ත්‍රිවිධ හමුදාව අයත්වන ආරක්ෂක අමාත්‍යංශය භාර ඇමැතිවරයා ද ජනාධිපතිවරයාය. එසේ තිබිය දී ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලට හමුදාවේ සහයෝගය ලැබුණේ නැත. රතුපස්වල සහ නාවික හමුදාවෙන් තරුණයන් අතුරුදන් කිරීම සම්බන්ධ විමර්ශනවල දී ද ආරක්ෂක අංශවලින් ලැබුණු සහයෝගය අවම මට්ටමක තිබිණි. ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොතිබිණි.
එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප ලබා නොදීම ගැන ද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කළේය.
යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනයට අත ගැසුවේ ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාවේ නැරඹීමේ හැකියාව අහුරමිනි. මහින්ද රාජපක්ෂ රජය සමයේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරීමට එරෙහිව හඬ නැගූ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ඊනිවුස් වෙබ් අඩවිය තහනම් කිරීම සම්බන්ධයෙන් මුණිවත රැක්කේය.
ඊනිවුස් වාරණයෙන් පසු ආණ්ඩුව ටීඑන්එල් රූපවාහිනියට අත තැබීය. ලංකාවට රූපවාහිනී අත්දැකීමක් හඳුන්වාදීමට පුරෝගාමී වූ ශාන් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පසුබිම මෙහිදී වැදගත් නොවන අතර එම නාලිකාවේ විකාශනාගාරය තහනම් කිරීම සම්බ්නධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැන් කුමන කතා කීවත් මෙය දේශපාලන බලපෑම් මත සිදු කරන ලද්දක් බව අපේ විශ්වාසයයි.
ටීඑන්එල් සීල් තැබීම මෙන්ම ලංකා ඊනිවුස් වාරණයද වහා ඉවත් කරමින් මාධ්‍ය මර්දනයට ගෙන ඇති පියවරයන් වහා හකුලා ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයට බල කර සිටී.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිල නිවේදනයකි
---------------------------
by (2018-06-07 15:44:45)
by (2018-06-07 15:44:45)
එතුමගේ ක්‍රියාවන් සම්බන්ධව මේ එල්ලවන චෝදනාවන් ජනතාකරණය වීම වැළැක්වීමට ඔහු කරන උත්සාහය තුලම ඔහු පිළිබඳ අප්‍රසාදය වර්ධනය වනු ඇත.
එමෙන්ම තමන්ට චෝදනා කරන්නන් අමු අමුවේ මර්ධනය කරන සිරිසේන ජනාධිපතිවරයා සිරස ආයතනය ගරු රනිල් වික්‍රමසිංහයන් වෙත කරන අභූත චෝදනා නොදකින්නේද? සත්‍යනම් වර්ථමානය වන විට එදා 2010 වසරෙදී එක්සත් ජාතික පක්ෂය කුළියට ගැනීමට කීලී මහරාජා දැරූ උත්සාහය එදා රනිල් වික්‍රමසිංහ වළක්වාගත් අතර මෙදා කීළීමහරාජාගේ ඉත්තා බවට පත්වීමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුව ඇත. මෙය ඉතාම භයානක බව දැනෙන්නේ මේ රටේ පිරිසක් ඇත. නැතිව දළඹුවාගේ ටිකිරි මොළයට පමණක් දැනෙන දෙයක් නෙවෙයි. එක්තරා ආකාරයකට රටම අනතුරකය.
තමුන් ජනතාවගෙන් වරමක් ඉල්ලා දුන්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලීමට ග්‍රාමක බලය සැපයු එක්සත් ජාතික පක්ෂයේ තීරණය වැදගත්ය. ඔවුන්ට මෙහෛදී මැදිහත්විය යුතුමය. රනිල් වික්‍රමසිහට රටම ඇහුම්කන් දිය යුතු යුගය එළඹ ඇත. රටේ ධනය හොරාකන හා ඒ හොරුන්ගෙන් පෝෂණය වන්නන් මහ බැංකු බැඳුම්කර ගණුදෙණුව මේ වනවිට පසක් කරමින් ඇත.
තමන්ගේ උවමනාවන් වෙනුවෙන් වක්‍රාකාරව වංචණික ව්‍යාපාරික මාෆියාවක් සියල්ලෝ මුදලට මිළදී ගෙන ඇත. මෙය කොච්චර බරපතලද නම් එක්සත් ජාතික පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස, නියොජ්‍ය නායක රවී කරුණායක වැනි නායකයින්ට එල්ලවන එම සැකයන් මේ වනවිට දිඟහැරෙමින් පවතී. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දයාසිරි ජයසේකර විසින් මේ වනවිටත් නිරුවත්කර හමාරය. ඒ වගේම ජනාධිපතී බෑණාට චෝදනා ඇත. රාජපක්ෂ පවුල සමඟ ඇලෝෂියස්ගේ සම්බන්ධතා හෙළිවන අතර මෙය ඔවුන්ගේ මෙහෙයවීමක් බවට නාමල් රාජපක්ෂ සමඟ සිදුව ඇති අවස්ථා 800ක දුරකථන ඇමතුම් ප්‍රමාණයම ප්‍රමානත්මකය. ගරු රනිල් වික්‍රමසිංහ රජයේ පැමිණිලිකරු වී හමාරය. මේ රටේ මිනිසුන්ට බොරු දෙසමින් ජනතාවගේ සල්ලී මංකොල්ලයේදී මේ අයගේ විළිසංගය නැති හැසීරීම් දැන් බුද්ධිමත් ජනතාවගේ මනස තුල නිරුවත්ය. මේක ජනතාවට කියන්න හැමැකෙක්ම බියය. අදවනතෙක් අල්ලස් කොමිෂමට මේ පිළිබද එහි අධ්‍යක්ෂක නෙවිල් ගුරුගේ මහතා 2018-06-08 දින ප්‍රකාශකරනු ලැබිණ... ලැජ්ජයි.....! ශ්‍රී ලංකාව දුෂණයෙන් ඉතිං කෙසේ නම් බේරාගනිම්ද? තත්වය හමුවේ අභ්යෝගය ඇත්තේ එක්සත් ජාතික ප්ක්ෂය සතුවය. මෙහිදි අන් කාටත් නොමැති වාසියක් මේ තුල පවතී.... කිව්වනාහන ගොනුන් කබේ කඩාගෙන ගිහින් ඇත. ඔවුන්ගේ දේශපාලනය අනාගතයේදී ජනතාව තීරණය කරනු ඇත. නමුත් සත්‍යයෙන් දැන් එක්සත් ජාතික පක්ෂය අන් කවරදාරටත් වඩා ජනතාවට අයිතියක් ලබා දී ඇත. එසේනම් අනාගත 20/20 මේ රටේ අනාගත නායකයා බිහිකරන මෙහෙයුම එක්සත් ජාතික පක්ෂය ලබාගත යුතුය....
සජිත් ගේ මඩ බලකායන් ස්ක්‍රීය කිරීම.....
----------------------------------------------------------
මේ බලාපොරොත්තුව සක්‍රීයකරගනු වස් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදුකල අතර එහිදි උප නායකායට පක්ෂය නඟාසිටුවන්න විශාල බලයක් ලබාදෙනු ලැබිණ. නමුත් ඔහූ තවම පක්ෂය දිනවීමට හෝ 20/20 රටේ නායකයා පක්ෂයේ නායකයා බවට පත්කරන මෙහෙයුම ආරම්භකර නැත. ඒ වෙනුවට ඔහු වෙනුවෙන් කටයුතුකරමින් හිදියි. මේ වෙනුවෙන් ඔහු නායකයාට මඩ ගහන්න සහ පක්ෂයේ සමඟිය බිඳවවට්ටන්ට බලකා නිර්මාණය කරමින් හිදියි. දළඹුවා ආවට ගියාට යමක් නොකියන අතර මේ එක් මඩ බලකායක් වන අතර සියලු මඩ සමාජිකයින්ගේ සැසියක් සිය අමාත්‍යංශයේම පසුගිය දිනක පැවැත්විණ.....
----------------------------------------------------------
මේ බලාපොරොත්තුව සක්‍රීයකරගනු වස් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදුකල අතර එහිදි උප නායකායට පක්ෂය නඟාසිටුවන්න විශාල බලයක් ලබාදෙනු ලැබිණ. නමුත් ඔහූ තවම පක්ෂය දිනවීමට හෝ 20/20 රටේ නායකයා පක්ෂයේ නායකයා බවට පත්කරන මෙහෙයුම ආරම්භකර නැත. ඒ වෙනුවට ඔහු වෙනුවෙන් කටයුතුකරමින් හිදියි. මේ වෙනුවෙන් ඔහු නායකයාට මඩ ගහන්න සහ පක්ෂයේ සමඟිය බිඳවවට්ටන්ට බලකා නිර්මාණය කරමින් හිදියි. දළඹුවා ආවට ගියාට යමක් නොකියන අතර මේ එක් මඩ බලකායක් වන අතර සියලු මඩ සමාජිකයින්ගේ සැසියක් සිය අමාත්‍යංශයේම පසුගිය දිනක පැවැත්විණ.....
තත්වය මෙහෙමනම් වගේම බැඳුම්කර මුදල් ගණුදෙණුවේදී සජිත් ප්‍රේමදාසට විශාල චෝදනාවක් මේ වනවිට එල්ලවන අතර ඔහු එම චෝදනා හෙළිනොකරනැයි ඉල්ලමින් ජනාධිපතිවරයාගේ නියෝග මත එක්සත් ජාතික පක්ෂය තුල කල්ලී සකසමින් හිඳියි.....දළඹුවා විසින් පහතින් දක්වා ඇත්තේ ලංකා ඊ නිව්ස් විසින් වාර්ථාකර ඇති ලිපියකි.
ජනාධිපති බෑණා සහ සජිත් ප්‍රේමදාසත් ඇලෝෂියස්ගෙන් මුදල් අරන්; ජනාධිපති ලැයිස්තුව හෙළි නොකරන්නේ ඒකයි; සුජීව සේනසිංහත් මිලියන 3 ක් අරන්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.08, පෙ.ව.5.30) බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ජනාධිපතිවරයාගේ බෑණා වන තිළිණ සුරංජිත් ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස ද මුදල් ලබා ගෙන තිබෙන බව හෙළි වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
දැනට ජනාධිපතිවරයා අතේ ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් අයගේ නම් ලැයිස්තුව මේ දක්වා හෙළිදරව් නොකරන ලද්දේ ඒ නිසා යැයි ද යම් හෙයකින් ජනාධිපති බෑණාගේ නම සඟවා ලැයිස්තුව හෙළි කිරීමේ හැකියාවක් ලැබුනහොත් එසේ කිරීමට ද කුමන්ත්‍රණයක් කරගෙන යන බව දැනගන්නට තිබේ.
මේ අතර අර්ජුන් ඇලෝසියස්ගෙන් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ද අවස්ථා 3 ක දී රුපියල් මිලියන 3 ක් ලබාගෙන ඇතැයි ඊයේ අධිකරණය හමුවේ හෙළිදරව් විය. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩින් අරක්කු සමාගමේ කෑෂ් චෙක් පත් තුනකින් මෙම මුදල් සුජීව සේනසිංහට ගෙවා ඇත.
සුජීව සේනසිංහ බැඳුම්කරය ගැන පොතක් මුද්‍රණය කෙළේය. දයාසිරි ජයසේකර මෙන්ම සුජීව සේනසිංහ ද මේ සම්බන්ධයෙන් පවසන්නේ එම මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු මුදල් ආධාර බවයි.
සුජීව සේනසිංහ ලංකාදීපයට මෙසේ පවසා තිබේ.
“2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයලා බලනකොට මගේ එම්.එස්.ඩී එකේ කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. 2015 මේ කාලය වනවිට සැකයක් හිතන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. ඇලෝසියස්ට මෙන්ඩිස් එක සම්බන්ධ බව වුණත් දන්නේ අන්තිම කාලේ. ඇලෝසියස්ලාට මෙන්ඩිස් එක අයිති බව පළමු වැනි කෝප් සභාවේවත් පත්තරයකවත් කිසිම තැනක සඳහනක් තිබුණෙත් නෑ. කෙසේ වෙතත් මාසයක් වහන්න නියෝග කරලා දැන් නැවතත් මෙන්ඩිස් සමාගම විවෘත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා තියෙනවා. ඒක එදත් අදත් නීත්‍යනුකූල සමාගමක්. මෙන්ඩිස් හා ඇලෝසියස් අතර සම්බන්ධය දන්නවා නම් මේ සල්ලි ගන්නේ නෑ. මොකද අනිවාර්යෙන්ම මඩ පාරක් වදින බව මම දන්නවා.
කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නේ නෑ. කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් සියල්ල අංගසම්පූර්ණයි නීත්‍යනුකූල බව ජනාධිපති කොමිසමෙන් තීන්දු කරල තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම අභිලාශ අතර ගැටුමක් බව මා මුල සිටම කිව්වා. වෙන්දේසි හා සෘජු ක්‍රමය 2008 සිට සිදු වූ ක්‍රමවේදයක්. ෆුට් නෝට් කල්ලිය කියලා මඩ ගැහුව නිසයි ඒක ගැන කතා කළේ. කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය කියලා මඩ ගහන පිරිස අතරේ මාත් අජිත් පෙරේරාත් සිටියේ මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේයි යැයි ද ඔහු කීය.”
කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නේ නෑ. කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් සියල්ල අංගසම්පූර්ණයි නීත්‍යනුකූල බව ජනාධිපති කොමිසමෙන් තීන්දු කරල තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම අභිලාශ අතර ගැටුමක් බව මා මුල සිටම කිව්වා. වෙන්දේසි හා සෘජු ක්‍රමය 2008 සිට සිදු වූ ක්‍රමවේදයක්. ෆුට් නෝට් කල්ලිය කියලා මඩ ගැහුව නිසයි ඒක ගැන කතා කළේ. කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය කියලා මඩ ගහන පිරිස අතරේ මාත් අජිත් පෙරේරාත් සිටියේ මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේයි යැයි ද ඔහු කීය.”
කෙසේ වෙතත් මුදල් ලබා ගත් මන්ත්‍රීවරන් 118 ක් තරම් විශාල පිරිසක් ඇතැයි දයාසිරි ජයසේකර කී කතාව බොරුවක් බව කතානායක වරයා පවසා තිබිණ.
---------------------------
by (2018-06-08 00:14:39)
by (2018-06-08 00:14:39)
කථාව ඇත්තනම් සජිත් ප්‍රේමදාසට සුදු හුණූ ගාලා වැඩක් නැත. ඔහුට දේශපාලන ප්‍රතිරූපයක් ඇත්නම්, ඔහූ පක්ෂයට ආදරේනම් පක්ෂයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය. මිහින්තලේ, ඉපලෝගම නිධන් මංකොල්ලය ගැනත් ඔහූ වගකිවයුතුය. පක්ෂය දිනවීමට කටයුතු නොකරන ඔහූ ඔහුගේ ප්‍රතිරූපය හා නායකයාට එරෙහිව මඩ ගහන්න, පක්ෂයේ සමඟිය බිඳින්න පිරිස් මෙහෙයවමින් කටයුතු කරන ඔහූ උප නායකකමින් කිසිවක් පක්ෂය වෙනුවෙන් ඉටු නොකරයි.
ඒ වගේම අනෙක් නියෝජ්‍ය නායකයා වන රවී කරුණානායකටද චෝදනා ඇත. ඒ වගේම පක්ෂයක් ලෙස ගන්නා විට ඉදිරිය එකී පක්ෂයේ යාන්ත්‍රණයට ජවය අවශ්‍යය. චෝදනා එල්ලවන නායකයින්ට වඩා මේ වනවිට චෝදනා නොමැති අකිල, හරීන්, මංගල, නවීන් ක්‍රියාත්මකය. එහිදීද පක්ෂ මහලේකම් අකිල සුවිශාල කාර්‍යබාරයක් ඉටුකරයි. පක්ෂය වෙනුවෙන් ඔහු නැවත තනතුරු, ආයතන කැපකරනු ලැබිණ. එය සුවිශාලය...... ඒ වගේම සියල්ලන් කැඳවමින් ඔහූ අනාගත මෙහෙයුම සකසමින් හිඳියි.... අනික ඔහු විශ්වාසණියය. නායකයාටද ඔහු විශ්වාසය. පාක්ෂිකයාටද ඔහු විශ්වාසණියය. රටේ ජනතාව වර්ථමානයේ ඔහූව අඟයමින් සිටියි...
මේ එක්සත් ජාතික පක්ෂය විකල්පයන් ගොඩනැඟිය යුතු කාලයයි.එය එහෙමනම් පක්ෂය විසින් තව උප නායක තනතුරක් නිර්මාණය කර සියලු දෙනා සමඟ පක්ෂය, නායකයා දිනවන්න කැපවන විශ්වාසණිය තරුණ නායකයෙක් මේ රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිය්ට ගෙන ආ යුතුමය. ජරා කාණුවේ පතුලටම යද්දී දේශපාලකයාගේ නාමය රැකගන්න නම් මෙවන් නායකයෙන් නිර්මාණය කරගත යුතුය. එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය එයයි. මඩ, කුණු, දහජරාව ගා නොගත් දක්ෂ පරපුරක් රනිල් වික්‍රමසිංහ නායකයා විසින් නිර්මාණය කර ඇත. අකිල, නවීන්, හරීන්, මංගල, හර්ෂ, යටන්ත කියන්නේ රටේ අනාගත නායකයින්ය. අජිත් පී.පෙරෙරා ඒ ගමන පැමිණ කෙටි මාර්ග ඔස්සේ යන්න ගිහින් වර්ථමානයේ වල්මත්වෙලාය. ඒ වගේම නලීන්, තුෂාර, JC, කාවින්ද, මරීක්කාර්, රන්ජන් , චමින්ද විජේසිරි වගේ පිරිසක් මොවුන් පසු පස එමින් සිටියි.... නායකයා ආරක්ෂා කරගනිමින් රටට ඕනා වෙනස කිරීමට හැකි එක්සත් ජාතික පක්ෂය ඉදිරි වසර එක හමාරතුල රටේ සංක්‍රාන්තීකාලය නිසි පරිදි කළමණාකරණය කරන බවට දළඹුවාට තවම විශ්වාසය......!
Comments
Post a Comment